තේ, කිරි තේ, රයිස්, කොත්තු මිල වැඩි වෙයි

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ප්ලේන්ටියක මිල රුපියල් 5කින් සහ කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ නංවන බවයි. සීනි මිල වැඩි වීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළා.

ඊට අමතරව ආපන ශාලාවල නිෂ්පාදනය කෙරෙන අනෙකුත් ආහාර සඳහා යොදා ගන්නා සහල්, එළවළු, කුකුල් මස් මෙන්ම ලූණු ඇතුලු භාණ්ඩවල මිල ඉහළ යාම හමුවේ කෑම පැකට් එකක මිල ද රුපියල් 20කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම කොත්තුවක සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල ද රුපියල් 20කින් ඉහළ නංවන බවයි සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
1
+1
4
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16