AFC Banner
AFC Banner
Empty Ad

තේවලටත් නරක කලදසාවක්

මෙරට ඇතැම් පළාත්වල වැවෙන තේ ගසට නරක කලදසාවක් උදා වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ බලංගොඩ ප්‍රදේශයේ බොහෝ තේ වගාවන්වල ඇති අමු තේ දළු අස්වැන්නට හඳුනා නොගත් දිලීර රෝගයක් වැළඳී ඇති බවයි.

ළපටි තේ දල්ලේ සුදු පැහැති පුල්ලි හටගෙන පසුව තේ දල්ල දුඹුරු පැහැ වී හැකිළි ගොස් බිමට කඩා වැටෙන බව එම ප්‍රදේශවල තේ වගාකරුවන් පවසනවා.

එම ප්‍රදේශවලට මේ දිනවල පවතින අයහපත් වර්ෂාව සහ දැඩි ශීත කාලගුණය හේතුවෙන් මෙලෙස දිලීර රෝගයක් වැළඳෙන්නට ඇතැයි විශ්වාස කරන බවත් මේ හේතුවෙන් අමු තේ දළු අස්වැන්න සියයට 50කින් පමණ පහත බැස ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?