තෙවැනි දිනය වන විට බංග්ලාදේශයේ පළමු ඉනිම අවසන් කිරීමට තවත් එක් කඩුල්ලක්

බංග්ලාදේශ – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (19) යි.

ඊයේ (18) දිනය නිමාවන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 484ක දැවැන්ත ඉනිම් ස්ථාවරයක සිටියා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ශතක දෙකක් සහ එක් අර්ධ ශතකයක් ද වාර්තා වුණා.

එහිදී නායක ෂැන්ටෝ ලකුණු 148ක් සහ මුෂ්ෆිකර් රහීම් ලකුණු 163ක් මෙන් ම ලිට්න් දාස් ලකුණු 90ක් ලබා ගත්තා.

ඊයේ දිනයේ දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයෙන් කඩුලු 06ක් ම උදුරා ගැනීමට සමත් වීම ද කැපී පෙනුණා.

අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක සහ තරිඳු රත්නායකට කඩුලු 03 බැගින් බෙදී ගියා.

මේ වනවිට (19) අවසන් කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටින්නේ හසාන් මහමුද් සහ නයිඩ් රනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?