තෙවැනි දිනය වන විට බංග්ලාදේශයේ පළමු ඉනිම අවසන් කිරීමට තවත් එක් කඩුල්ලක්

බංග්ලාදේශ – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (19) යි.

ඊයේ (18) දිනය නිමාවන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 484ක දැවැන්ත ඉනිම් ස්ථාවරයක සිටියා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ශතක දෙකක් සහ එක් අර්ධ ශතකයක් ද වාර්තා වුණා.

එහිදී නායක ෂැන්ටෝ ලකුණු 148ක් සහ මුෂ්ෆිකර් රහීම් ලකුණු 163ක් මෙන් ම ලිට්න් දාස් ලකුණු 90ක් ලබා ගත්තා.

ඊයේ දිනයේ දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයෙන් කඩුලු 06ක් ම උදුරා ගැනීමට සමත් වීම ද කැපී පෙනුණා.

අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක සහ තරිඳු රත්නායකට කඩුලු 03 බැගින් බෙදී ගියා.

මේ වනවිට (19) අවසන් කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටින්නේ හසාන් මහමුද් සහ නයිඩ් රනා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13