AFC Banner
AFC Banner
Empty Ad

තෙල් ගහන්න ඉන්ධන ප්‍රවාහන ටැංකි රථත් පෝලිමේ

ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ සඳහා ඉන්ධන ලබාගැනීමේ දී තමන්ට ද පෝලිම්වල සිටීමට සිදුව ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා සඳහන් කළේ මෙරටට පැමිණ ඇති පෙට්‍රල් මෙට්‍රික් ටොන් 28000ක් අඩංගු නෞකාවෙන් ඊයේ රාත්‍රියේ ඉන්ධන ගොඩබෑම ආරම්භකළ බවත් ඊයේ (19) රාත්‍රියේ සිටම ඒවා බෙදාහැරීම ආරම්භ කළ බවයි.

කොලොන්නාව පර්යන්තයෙන් ඉන්ධන බවුසර් 200-250 ක් පමණ පිටත් කර යැවීමට හැකි වූ බව සඳහන් කළ ඔහු මේ වන විටත් එම පර්යන්තයේ දැඩි තදබදයක් පවතින බව වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?