තුසිත හල්ලොලුවගේ නීතිඥවරයාගෙන් සී.සී.ඩීයට ලිපියක්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ තුසිත හල්ලොලුව ගමන්ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා ඔහුගේ නීතිඥවරයා වන දිනේෂ් දොඩම්ගොඩගේ ජංගම දුරකථනය බාරදෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

තමන්ට ඊයේ (19) දිනයේ දී කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි නීතිඥ දිනේෂ් දොඩම්ගොඩගේ පවසන්නේ.

ඉදිරි විමර්ශන කටයුතු සඳහා තමාගේ ජංගම දුරකථනය ඉල්ලා සිටීම සම්බන්ධයෙන් විරෝධයක් මතුකරන නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ පවසන්නේ තමා වෘත්තියෙන් නීතීඥයෙකු වන බැවින් තමාගේ සියළු සේවාදායක ලිපි ගොනු විස්තර ද එම දූරකථනයේ ගබඩා වී ඇති බවයි.

නීතීඥවරයෙකු ලෙස තමාගේ වෘත්තීමය වගකීම සහ අයිතිය අනුව (The lawyer-client relationship) එකී තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම තමගේ වගකීමක් හා අයිතියක් බවයි ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් මඟින් පවසා ඇත්තේ.

විමර්ශනයට අදාළ කරුණු සම්බන්ධයෙන් තමා සම්බන්ධ වූ කාලයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදෙන සීමා මායිම් පිළිබඳ මග පෙන්වීම් අනුව පමණක් තමාගේ දුරකථන පරීක්ෂාවට ඉඩ ලබාදෙන බව ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

තුසිත හල්ලොලුව මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී පසුගිය 17 වනදා රාත්‍රියේ නාරහේන්පිට කිරිමණ්ඩල මාවත ප්‍රදේශයේ ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔහුගේ වාහනයට වෙඩි තැබීමක් සිදුකර පළාගොස් තිබුණා.

එම අවස්ථාවේ දී මෝටර් රථය තුළ තුසිත හල්ලොලුවගේ නීතීඥවරයා වන නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ සිටි අතර ඔහු ද වෙඩික්රුවන් සිදුකළ පහරදීමක දී සුළු තුවාල ලබා රෝහල්ගත කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?