AFC Banner
AFC Banner
Empty Ad

තුර්කි – සිරියා දේශසීමාවේ ඇතිවූ භූ කම්පනයෙන් මියගිය පිරිස 500 ඉක්මවයි (ඡායාරූප)

තුර්කිය සහ සිරියාව අතර දේශසීමාවේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් මියගිය පිරිස 530ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ට රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයක් සටහන් වූ මෙම භූ කම්පනයේ කම්පන තත්ත්වය සයිප්‍රසය සහ ඊජිප්තුව දෙසට දැනී ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ තුර්කියේ ගාසියන්ටෙප් නැමති ප්‍රදේශයට මෙම භූ කම්පනයෙන් වැඩිම හානියක් සිදුව ඇති බවයි.

සිරියාවේ රජය විසින් පාලනය කරන ලද ප්‍රදේශවල මෙන්ම තුර්කි හිතවාදී කණ්ඩායම් විසින් අල්ලාගෙන සිටි උතුරු ප්‍රදේශවල අවම වශයෙන් පුද්ගලයින් 245 දෙනෙකු පමණ මිය යන්නට ඇති බවයි විශ්වාස කරන්නේ.

එමෙන් ම මෙම භූ කම්පනයෙන් තුර්කියේ අවම වශයෙන් පුද්ගලයින් 284 දෙනෙකු මිය ගොස් ඇති බවයි එරට උප ජනාධිපති ෆුවාට් ඔක්ටේ ප්‍රකාශ කළේ.

තවත් 2,300 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් ප්‍රධාන නගර කිහිපයක සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බවත් ඔහු සඳහන් කර සිටියා.

ප්‍රධාන මාර්ග අයිස් සහ හිම වලින් වැසීයාමත් ශීත කාලගුණයත් නිසා ගලවා ගැනීමේ කාර්යයට බාධා එල්ල වී ඇති බව සඳහන්.

මිලියන දෙකක පමණ ජනතාවක් වෙසෙන තුර්කි නගරයක් වන ගාසියන්ටෙප් ආසන්නයේ කිලෝමීටර් 17.9 (සැතපුම් 11) පමණ ගැඹුරින් එරට වේලාවෙන් අලුයම 04:17 ට පමණ මෙම භූමිකම්පාව හටගෙන ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ.

තුර්කියේ AFAD හෙවත් හදිසි සේවා මධ්‍යස්ථානය ප්‍රථම භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.4ක් ලෙස සටහන් කළ අතර, ඉන් අනතුරුව පසු කම්පන 40කට අධික සංඛ්‍යාවක් ඇති වූ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?