තුර්කි – සිරියා දේශසීමාවේ ඇතිවූ භූ කම්පනයෙන් මියගිය පිරිස 500 ඉක්මවයි (ඡායාරූප)

තුර්කිය සහ සිරියාව අතර දේශසීමාවේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් මියගිය පිරිස 530ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ට රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයක් සටහන් වූ මෙම භූ කම්පනයේ කම්පන තත්ත්වය සයිප්‍රසය සහ ඊජිප්තුව දෙසට දැනී ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ තුර්කියේ ගාසියන්ටෙප් නැමති ප්‍රදේශයට මෙම භූ කම්පනයෙන් වැඩිම හානියක් සිදුව ඇති බවයි.

සිරියාවේ රජය විසින් පාලනය කරන ලද ප්‍රදේශවල මෙන්ම තුර්කි හිතවාදී කණ්ඩායම් විසින් අල්ලාගෙන සිටි උතුරු ප්‍රදේශවල අවම වශයෙන් පුද්ගලයින් 245 දෙනෙකු පමණ මිය යන්නට ඇති බවයි විශ්වාස කරන්නේ.

එමෙන් ම මෙම භූ කම්පනයෙන් තුර්කියේ අවම වශයෙන් පුද්ගලයින් 284 දෙනෙකු මිය ගොස් ඇති බවයි එරට උප ජනාධිපති ෆුවාට් ඔක්ටේ ප්‍රකාශ කළේ.

තවත් 2,300 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් ප්‍රධාන නගර කිහිපයක සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බවත් ඔහු සඳහන් කර සිටියා.

ප්‍රධාන මාර්ග අයිස් සහ හිම වලින් වැසීයාමත් ශීත කාලගුණයත් නිසා ගලවා ගැනීමේ කාර්යයට බාධා එල්ල වී ඇති බව සඳහන්.

මිලියන දෙකක පමණ ජනතාවක් වෙසෙන තුර්කි නගරයක් වන ගාසියන්ටෙප් ආසන්නයේ කිලෝමීටර් 17.9 (සැතපුම් 11) පමණ ගැඹුරින් එරට වේලාවෙන් අලුයම 04:17 ට පමණ මෙම භූමිකම්පාව හටගෙන ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ.

තුර්කියේ AFAD හෙවත් හදිසි සේවා මධ්‍යස්ථානය ප්‍රථම භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.4ක් ලෙස සටහන් කළ අතර, ඉන් අනතුරුව පසු කම්පන 40කට අධික සංඛ්‍යාවක් ඇති වූ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29