AFC Banner
Empty Ad
Empty Ad

තුර්කියේ හා සිරියාවේ මිය ගිය අයට හැටන් සර්ව ආගමික වැඩසටහන ( ඡායාරූප )

තුර්කියේ හා සිරියාවේ සිදුවු භුමි කම්පාවලින් මිය ගිය 29000ක් පමණ ජනතාව සිහිකරමින් එම පිරිසට පිං පැමිනවිම සඳහා ඊයේ (12) දින සවස හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහරස්ථානයේදි සර්ව ආගමික වැඩ සටහනක් පැවැත්වුවා.

හැටන් ශ්‍රි නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල නායක හිමියන්ගේ අනුශාසනා මත මෙම වැඩ සටහන සංවිධානය කර තිබු අතර මෙම අවස්ථාවට හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන පුජක සහාජාන් මවුලවි තුමන්, හැටන් ඩංබාර් හිංදු කෝවිලේ පුජක දිවාකර් පුජකතුමන්, හැටන් සිරි කුරුස දේවස්ථානයේ ඇන්තනි ප්‍රනාන්දු පුජකතුමන් ඇතුළු සර්ව ආගමික පුජකවරුන් පිරිසක් එක් වී සිටියා.

මෙහිදි බෞද්ධ ආගමානුකුලව මිය අයට පිංපතා මතක වස්ත්‍ර පුජාවක්ද සිදුකර පැන් වැඩිමක්ද සිදුකල අතර අනිකුත් ආගමික පුජකවරුන් එම අගම්කුලව මිය ගිය අයට පිං පැමිනවිමක් සිදු කළ බව අප වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?