වඳුරු රංචුවක් අවුරුදු හයේ දැරියව කාමාතුරයෙකුගෙන් බේරාගෙන

හය හැවිරිදි දැරියක් දූෂණය කිරීමට පුද්ගලයෙකු ගත් උත්සාහයක් වඳුරන් රංචුවක් විසින් ව්‍යාර්ථ කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බාග්පාට් ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පසුගිය 20 වනදා සැකකරු විසින් දැරිය පාළු නිවසකට කැඳවාගෙන ගොස් ඇයට ලිංගික අතවර කිරීමට තැත් කර තිබෙනවා.

එම අවස්ථාවේ දී වඳුරන් රංචුවක් එම ස්ථානය පැමිණ ආක්‍රමණශීලීව හැසිරීමට පටන්ගෙන ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

වඳුරන්ගේ එම හැසිරීමට බිය වූ අදාළ පුද්ගලයා දැරිය එම ස්ථානයේ දමා පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

පසුව දැරිය නිවසට පැමිණ සිදු වූ සිද්ධිය පිළිබඳව මව්පියන්ට පවසා ඇති අතර, අනතුරුව මව්පියන් විසින් ඒ සම්බන්ධයෙන් පොලිසිය පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව පොලිසිය විමර්ශන අරඹා ඇති අතර, එහිදී සැකකරු දැරිය රැගෙන යන ආකාරය මාර්ගයේ සවිකර තිබූ CCTV කැමරාවල සටහන්ව තිබිය දී සොයාගෙන තිබෙනවා.

එම දර්ශන ඔස්සේ සැකකරු හඳුනාගැනීමට පොලිසිය උත්සාහ දරමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39