මේ ජන වරම Anti – Establishment එකක් – අපි දීලා බලමු – සජිත් කිව්ව කතාවක් එළියට (වීඩියෝ)

ජනතාව මෙවර ජනාධිපතිවරණයේ දී සිය ඡන්දය ලබා දුන්නේ තරහකින් මිසෙක හොඳින් සිතා මතා ගත් තීරණයක් නොවන බව සමගි ජන බලවේගය සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (23) පෙරවරුවේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්‍යාලයේ දී සිය පාක්ෂිකයින් සමග පැවති රැස්වීමකින් අනතුරුවයි.

මේ වනවිට රටේ ආර්ථිකය අසීරු මට්ටමක පවතින මොහොතක විශාල අභියෝගයක් නව ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම සතු වන බවත්; ඊට සහාය ලබාදීමට සූදානම් බව ද සුජීව සේනසිංහ මහතා පැවසුවා.

මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කලකිරීමෙන් සිටිනවා ද යන්නයි.

ඊට හිටපු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසුවේ; කිසිදු අයුරකින් සිය පක්ෂ නායකවරයා දුක් නොවන බවත්; මෙම ජන වරම ‘Anti – Establishment‘ නැතහොත් දේශපාලනයේ සමස්තය සමග ම පවතින අමනාපකම මත ජනතාව විසින් ලබාදෙනු ලැබූ තීරණයක් හෙයින් ඊට ගරු කරමින්; නව ජනාධිපතිවරයාගේ ඉදිරි වැඩ කටයුතු සඳහා අවස්ථාව ලබා දීම කළ යුතු බවයි.

එමෙන් ම විපක්ෂ නායකවරයා සහ තම පක්ෂයේ සියලු ම දෙනා එළඹෙන මහ මැතිවරණයට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් ද අද පැවති සාකච්ඡාවේ දී අදහස් පළ කළ බව ද සුජීව සේනසිංහ මහතා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56