තුන්සක රියෙහි ගැටගසා රථයට ගිනි තබා විනාශ කරලා – අයෙක් මරුට

රක්වාන – හොරමුල පොදු සුසාන භූමියේ දී ත්‍රීරෝද රථයක සිරකර, එම ත්‍රීරෝද රථය සමග ම පුද්ගලයෙකුට කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඝාතනය කර තිබෙනවා.

අද (29) දහවල් මෙම ඛේදනීය සිදුවීම සිදු ව තිබෙන අයුරු ප්‍රදේශවාසීන් දැක පසුව පොලිසියට දැනුම්දී තිබෙනවා.

පොලිසිය කළ සොයා බැලීමේ දී නිරීක්ෂණය වී ඇත්තේ ත්‍රීරෝද රථයේ ඉදිරිපස අසුනේ වාඩිකර, ඔහුව කම්බිවලින් ගැටගසා පසුව ත්‍රීරෝද රථයට ගිනි තබා ඇති බවයි.

ගින්නට හසු වූ පුද්ගලයාගේ සිරුර මුළුමනින්ම දැවී ගොස් ඇති අතර, ත්‍රීරෝද රථය ද සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇන්දාන හා රක්වාන පොලීසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
23
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?