තුන්වන එක්දින තරගය නොමිලේ බලන්න අවස්ථාවක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර හෙට (11) පැවැත්වෙන අවසන් එක්දින තරගය නොමිලේ නැරඹීමට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව C&D Upper and Lower Stands කොටස්වලට පැමිණ අවසන් එක්දින තරගය නැරඹිය හැකියි.

පස්වරු 2.30ට අවසන් එක්දින තරගය ආරම්භ වීමට නියමිතයි.

එය නැරඹීමට පැමිණෙන ක්‍රිකට් ලෝලීන්ට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඇතුලුවීම සඳහා දොරටු පස්වරු 1ට විවෘත කෙරෙන බව සඳහන්.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයකින් තොරව අවසන් කෙරුණා.

දෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වූයේ කඩුලු දෙකකින්. පළමු සහ දෙවන එක්දින තරග නැරඹීමට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට එතරම් ක්‍රිකට් ලෝලීන් පිරිසක් පැමිණ නොතිබීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48