තීරණාත්මක ටෙස්ට් තරගාවලියක පළමු තරගය අද ගාල්ලේ දී ඇරඹෙයි

සංචාරක නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද (19) ආරම්භ වනවා.

ඒ අද පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක් ඇතුළත් ව තිබෙනවා.

අදින් ආරම්භ වන පළමු ටෙස්ට් තරගය එළඹෙන 23 වැනිදා තෙක් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා හට හිමි ව ඇති අතර අද තරගයට දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජිලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ළහිරු කුමාර හා අසිත ප්‍රනාන්දු යි.

මෙතෙක් අර්බුදයක් ව පැවති ශ්‍රී ලංකා ටෙස්ට් මුල් පෙළ පිතිකරණ ලැයිස්තුවේ 03 වැනි ස්ථානය මෙවර දිනේෂ් චන්දිමාල්ට හිමි ව තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය ටිම් සවුති හටයි හිමිව ඇත්තේ.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මෙතෙක් ටෙස්ට් තරග 38ක් පවත්වා ඇති අතර එම තරගවලින් 18කම ජය නවසීලන්තය සතුව තිබෙනවා.

තරග 09ක් පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇති බවයි සඳහන් වන්නේ.

තරග 11ක් දෙපාර්ශ්වයේම ජය පරාජයෙන් තොරව අවසන් කෙරුණා.

ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව සිය මව්බිමේ දී තරග 07ක් ජයගෙන ඇති අතර නවසීලන්තය ජයගෙන ඇති තරග සංඛ්‍යාව 13ක්.

දෙපාර්ශ්වය ම සිය මව්බිමෙන් එපිට දේශයක දී මුහුණ දුන් ටෙස්ට් තරගවලින් ශ්‍රී ලංකාව තරග 02ක් ද නවසීලන්තය තරග 05ක ජය හිමිකරගෙන තිබෙනවා.

මෙම තරගාවලිය පැවැත්වෙන්නේ 2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවයට සමගාමීවයි.

මේ වනවිට නවසීලන්තය ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ 03 වැනි ස්ථානයේ රැඳී සිටින්නේ පැවති තරග 06න් 03ක් ජයගනිමින්.

තමන් මුහුණ දුන් ටෙස්ට් තරග 07න් 03ක් පමණක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි ස්ථානයේ රැඳී සිටින්නේ ප්‍රසාද ලකුණු 36ක් හිමිකරගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?