AFC Banner
AFC Banner
Empty Ad

තැපෑලට සේවක හිඟයක්

තැපැල් දෙපාර්තමේන්තුව තුළ පවතින සේවක හිඟය හේතුවෙන් විශාල තැපැල් කාර්යාල ප්‍රමාණයක් වැසී යාමේ අවදානමක් මතුව තිබේ.

මේ වන විට දෙපාර්තමේන්තුව තුළ ස්ථානාධිපතිවරුන්ගේ සහ සාමාන්‍ය තැපැල් සේවකයින් 1,600 කගේ පමණ හිඟයක් පවතින බව වාර්තා වේ.

සමස්ත කාර්යමණ්ඩලය 6,000 කට ආසන්නව සිටිය යුතු වුවද වර්තමානයේ එම සංඛ්‍යාව 4,000 ක් පමණ වේ.

2018 වසරේ සිට සේවකයන් බඳවාගැනීමට අවසර ඉල්ලා තිබුණද මෙතෙක් ඊට රජයේ පාර්ශවයෙන් අනුමැතිය හිමිව නොමැති බව සඳහන්ය.

එම හිඟයට තාවකාලික පිළියමක් ලෙස තැපැල් විශ්‍රාමික නිලධාරීන් 500 ක් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට යෝජනා වුවද එය ද ක්‍රියාත්මක වී නොමැති බව තැපැල් සේවකයින් පවසයි.

මේ වන විට කොළඹ නගර සීමාවේ පිහිටි බොරැල්ල තැපැල් කාර්යාලයේසේවකයන් 35ක් සිටිය යුතු වුවද වර්තමානයේ සේවකයන් 7කින් එහි කටයුතු පවත්වාගෙන යයි.

ඇතැම් තැපැල් කාර්යාලවල නිලධාරිනියක් ප්‍රසූත නිවාඩු ලබාගත්විට එම කාර්යාලය වසාදැමීමට සිදුවන තත්ත්වයක්ද නිර්මාණය වී ඇති බව සඳහන්ය.

මෙවැනි තත්වයක් හමුව මෙම වසර තුළ රුපියල් කෝටි 900 ක ආදායමක් ඉපයිය යුතු බවට වන ඉලක්කය සම්පුර්ණ කිරිම ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?