තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන් බව ඇමති කියයි

තැපැල් සේවකයින් ආරම්භ කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (24) පස්වරු 4.00 සිට අතහැර නියමිත පරිදි රාජකාරියට වාර්තා කිරීමට එකඟ වී තිබෙනවා.

වර්ජනයේ නිරතව සිටි තැපැල් සේවකයින් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ යළි සේවයට වාර්තා කිරීමට තැපැල් වෘත්තීය සමිති එකඟතාවයට පත්වීමත් සමඟ, වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීම සහ නිවාඩු සම්බන්ධයෙන් ගෙන තිබූ තීරණය අත්හිට වූ බවයි.

එමෙන්ම ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සහ අතිකාල දීමනා පවතින මට්ටමින් ම පවත්වාගෙන යාමට තැපැල් වෘත්තීය සමිති එකඟ වූ බව අමාත්‍යවරයා පවසා සිටියා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ වර්ජනයේ නියත තැපැල් සේවකයින් සඳහන් කළේ අදාළ එකඟතාවයන් සම්බන්ධයෙන් ලිඛිතව පිළිතුරුක් ලැබෙන තෙක් වර්ජනය නැවත්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවයි.

තැපැල් වෘත්තීය සමිති සංගම් කිහිපයක් ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් පසුගිය 17 වනදා ආරම්භ කළ වර්ජනය අද 07වන දිනටත් ක්‍රියාත්මක කෙරුණා.

මෙම වැඩ වර්ජනයත් සමඟ දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල තැපැල් සේවා කටයුතු අඩාල වී තැපැල් සේවා ලබාගැනීමට පැමිණි මහජනතාව දැඩි අපහසුතාවයකට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
10
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23


?