තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන් බව ඇමති කියයි

තැපැල් සේවකයින් ආරම්භ කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (24) පස්වරු 4.00 සිට අතහැර නියමිත පරිදි රාජකාරියට වාර්තා කිරීමට එකඟ වී තිබෙනවා.

වර්ජනයේ නිරතව සිටි තැපැල් සේවකයින් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ යළි සේවයට වාර්තා කිරීමට තැපැල් වෘත්තීය සමිති එකඟතාවයට පත්වීමත් සමඟ, වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීම සහ නිවාඩු සම්බන්ධයෙන් ගෙන තිබූ තීරණය අත්හිට වූ බවයි.

එමෙන්ම ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සහ අතිකාල දීමනා පවතින මට්ටමින් ම පවත්වාගෙන යාමට තැපැල් වෘත්තීය සමිති එකඟ වූ බව අමාත්‍යවරයා පවසා සිටියා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ වර්ජනයේ නියත තැපැල් සේවකයින් සඳහන් කළේ අදාළ එකඟතාවයන් සම්බන්ධයෙන් ලිඛිතව පිළිතුරුක් ලැබෙන තෙක් වර්ජනය නැවත්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවයි.

තැපැල් වෘත්තීය සමිති සංගම් කිහිපයක් ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් පසුගිය 17 වනදා ආරම්භ කළ වර්ජනය අද 07වන දිනටත් ක්‍රියාත්මක කෙරුණා.

මෙම වැඩ වර්ජනයත් සමඟ දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල තැපැල් සේවා කටයුතු අඩාල වී තැපැල් සේවා ලබාගැනීමට පැමිණි මහජනතාව දැඩි අපහසුතාවයකට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
10
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43