AFC Banner
Empty Ad
Empty Ad

තැපැල් ඡන්ද සලකුණු කිරීමට දින දෙයි

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අද (10) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එල්.ඒ.එම්. රත්නායක මහතා පැවසුවේ ඔක්තෝබර් 30, නොවැම්බර් 01 සහ 04 යන තෙදින ඒ සඳහා වෙන් කර ඇති බවයි.

එමෙන්ම හෙට (11) මධ්‍යහ්න 12ට නාම යෝජනා භාර ගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීමට දී තිබූ කාලය ද අවසන් වනවා.

අදාළ නාම යෝජනා සඳහා විරෝධතා ගොනු කිරීම් ඇත්නම් ඒ සඳහා හෙට මධ්‍යහ්න 12 සිට 1.30 දක්වා කාලය ලැබෙනු ඇති.

ඉන් පසුව නාම යෝජනා භාර ගැනීම් සහ ප්‍රතික්ෂේප කිරීම් ගැන නිල වශයෙන් නිවේදනය කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මේ වනවිට මැතිවරණ කොට්ඨාස 22ක් යටතේ ස්වාධීන කණ්ඩායම් 293ක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර ස්වාධීන කණ්ඩායම් 46ක් සහ පිළිගත් දේශපාලන පක්ෂ 42ක් නාම යෝජනා භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?