තැපැල් ඡන්ද සලකුණු කිරීමට දින දෙයි

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අද (10) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එල්.ඒ.එම්. රත්නායක මහතා පැවසුවේ ඔක්තෝබර් 30, නොවැම්බර් 01 සහ 04 යන තෙදින ඒ සඳහා වෙන් කර ඇති බවයි.

එමෙන්ම හෙට (11) මධ්‍යහ්න 12ට නාම යෝජනා භාර ගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීමට දී තිබූ කාලය ද අවසන් වනවා.

අදාළ නාම යෝජනා සඳහා විරෝධතා ගොනු කිරීම් ඇත්නම් ඒ සඳහා හෙට මධ්‍යහ්න 12 සිට 1.30 දක්වා කාලය ලැබෙනු ඇති.

ඉන් පසුව නාම යෝජනා භාර ගැනීම් සහ ප්‍රතික්ෂේප කිරීම් ගැන නිල වශයෙන් නිවේදනය කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මේ වනවිට මැතිවරණ කොට්ඨාස 22ක් යටතේ ස්වාධීන කණ්ඩායම් 293ක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර ස්වාධීන කණ්ඩායම් 46ක් සහ පිළිගත් දේශපාලන පක්ෂ 42ක් නාම යෝජනා භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46