Empty Ad
AFC Banner
Empty Ad

තාවකාලිකව හදපු පාලම, විවෘත කරන්න ගත්ත උත්සවය

මාතර පරවි දූපත සඳහා ගමන් කරන පාලම පසුගියදා කඩාවැටීමකට ලක්වුණා.

ඉන් පසුව යුද හමුදාවේ මැදිහත් වීමෙන් වහාම තාවකාලික පාලමක් ඉදිකිරීමට කටයුතු කර තිබුණා.
අද එම කටයුත්ත අවසන් කර විවෘත කිරීමක් සිදුකර තිබුණා.

යුද හමුදා භටයින්ට හැමදාමත් මහජනයා තුල ඇති ගෞරවය තව තවත් දිනෙන් දින වැඩි වන්නේ අප රටේ ඕනෑම ව්‍යසනයකදී ඔවුන් ඉදිරිපත් වීම නිසාවෙන්.

මෙරට සියළු ජනයා ඒ වෙනුවෙන් සැමදා ණයගැති බව අප සිහිපත් කළ යුතුය.
එය එසේ වුවද රට මේ මොහොතේ පත්ව ඇත්තේ ඉතාමත් අසරණ තත්ත්වයකටයි.

මිනිසුන්ට ජීවත් වීමට, රැකියාවක් කරගෙන යාමට හෝ එදාවේල හරිහම්බ කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇත්තේ දරා ගැනීමට නොහැකි ආර්ථික තත්ත්වය නිසාවෙනි.

එවන් මොහොතක මෙවැනි පාලමක් විවෘත කිරීමට උත්සව සූදානම් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි බොහෝ දෙනා අදහස් දක්වමින් පවසා තිබෙන්නේ.

අපේ රටේ යමක් සිදුකිරීමට වැය කරන මුදලට වඩා එය විවෘත කිරීමට මුදල් වැය කිරීම ඉතිහාසයේ පටන්ම පුරුදු දෙයකි.
ඉන්ධන නොමැතිව, විදුලිය නොමැතිව තම දරුවාට ආහාර වේලක් පවා ලබාදීමට නොහැකි පවුල් මේ වනවිට කොයිතරම්නම්ද..?

පොඩි මිනිහාගේ දුක සීතල කාමරවල සිටින බලධාරීන්ට නොවැටහෙන බවයි අද මිනිසුන් චෝදනා නගන්නේ.
මෙවන් මොහොතක පවා මෙවැනි දේ විවෘත කිරීමට කාලය ශ්‍රමය මුදල් වැය කිරීම නිශ්ඵල දෙයක් බවත්, මහජන බදු මුදලින් සිතූ ආකාරයට වියදම් කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවත් සමාජ මාධ්‍ය පුරාම විවිධ පුද්ගලයින් මත පලකර තිබුණා.

කෙසේ වෙතත් පසුගිය කොවිඩ් අර්බුදය කාලයේදී එය මැඩලීම සඳහා යුද හමුදාව ලබාදුන් සහය කිසි දිනක අමතක කළ නොහැකිය..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.14
08:52:42
Video thumbnail
බටලන්ද ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව - මගේ අතට තු#ක්කුව දීලා තියපන් කිව්වා
15:18
Video thumbnail
බදුල්ලේ අල ගොවිය වෙනුවෙන් චාමර හඬ අවදි කරයි
06:35
Video thumbnail
යකෝ මේ වගේ බූරු පුත්තු - ගහන එක ගහපන්කෝ පොඩ්ඩක් ලොකුවට
10:01
Video thumbnail
මහින්දව නගරාධිපති කරන්න නුවරඑළියේ මිනිස්සු පොර කයි - මහින්දව ඉල්ලලා පාරේ නිදියයි
13:01
Video thumbnail
සුනිල් වටගල රාජ්‍ය නිළධාරීන් ඉදිරියේ කිව්ව අමුතු කතාව
01:59
Video thumbnail
රත්නපුරෙන් පිපෙන නාමල් - අපේ අපේක්ෂත්වයට මිනිස්සු පොරකනවා
03:06
Video thumbnail
නේවාසිකාගාරවල ආරක්ෂාවක් නෑ - දොස්තරවරු අවදානමක
05:08
Video thumbnail
සෙව්වන්දි ඝාතනය වුණාද ? ඝාතනය කළාද ? සුගීශ්වර මාධ්‍ය හමුවේ ආණ්ඩුව ෆ්ලැට් කරයි
23:17
Video thumbnail
ඇය සතුටින් - දික්කසාදයෙන් පසු හිරුණිකා ප්‍රථම වරට මාධ්‍ය අමතයි #hirunika_premachandra
19:13

?