තාවකාලිකව හදපු පාලම, විවෘත කරන්න ගත්ත උත්සවය

මාතර පරවි දූපත සඳහා ගමන් කරන පාලම පසුගියදා කඩාවැටීමකට ලක්වුණා.

ඉන් පසුව යුද හමුදාවේ මැදිහත් වීමෙන් වහාම තාවකාලික පාලමක් ඉදිකිරීමට කටයුතු කර තිබුණා.
අද එම කටයුත්ත අවසන් කර විවෘත කිරීමක් සිදුකර තිබුණා.

යුද හමුදා භටයින්ට හැමදාමත් මහජනයා තුල ඇති ගෞරවය තව තවත් දිනෙන් දින වැඩි වන්නේ අප රටේ ඕනෑම ව්‍යසනයකදී ඔවුන් ඉදිරිපත් වීම නිසාවෙන්.

මෙරට සියළු ජනයා ඒ වෙනුවෙන් සැමදා ණයගැති බව අප සිහිපත් කළ යුතුය.
එය එසේ වුවද රට මේ මොහොතේ පත්ව ඇත්තේ ඉතාමත් අසරණ තත්ත්වයකටයි.

මිනිසුන්ට ජීවත් වීමට, රැකියාවක් කරගෙන යාමට හෝ එදාවේල හරිහම්බ කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇත්තේ දරා ගැනීමට නොහැකි ආර්ථික තත්ත්වය නිසාවෙනි.

එවන් මොහොතක මෙවැනි පාලමක් විවෘත කිරීමට උත්සව සූදානම් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි බොහෝ දෙනා අදහස් දක්වමින් පවසා තිබෙන්නේ.

අපේ රටේ යමක් සිදුකිරීමට වැය කරන මුදලට වඩා එය විවෘත කිරීමට මුදල් වැය කිරීම ඉතිහාසයේ පටන්ම පුරුදු දෙයකි.
ඉන්ධන නොමැතිව, විදුලිය නොමැතිව තම දරුවාට ආහාර වේලක් පවා ලබාදීමට නොහැකි පවුල් මේ වනවිට කොයිතරම්නම්ද..?

පොඩි මිනිහාගේ දුක සීතල කාමරවල සිටින බලධාරීන්ට නොවැටහෙන බවයි අද මිනිසුන් චෝදනා නගන්නේ.
මෙවන් මොහොතක පවා මෙවැනි දේ විවෘත කිරීමට කාලය ශ්‍රමය මුදල් වැය කිරීම නිශ්ඵල දෙයක් බවත්, මහජන බදු මුදලින් සිතූ ආකාරයට වියදම් කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවත් සමාජ මාධ්‍ය පුරාම විවිධ පුද්ගලයින් මත පලකර තිබුණා.

කෙසේ වෙතත් පසුගිය කොවිඩ් අර්බුදය කාලයේදී එය මැඩලීම සඳහා යුද හමුදාව ලබාදුන් සහය කිසි දිනක අමතක කළ නොහැකිය..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07