හලාවත පොලිස් වසමේ තාලඩිවැල්ල වෙරළ තීරයේ නාඳුනන පිරිමි මෘත ශරීරයක් හලාවත පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඊයේ (09) රාත්‍රියේ ලැබුණු තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
වයස අවුරුදු 40 ක් පමණ වන උස අඩි 05 අඟල් 06 ක් වූ තළෙළු කෙට්ටු සාමාන්‍ය සිරුරක් ඇති, කොණ්ඩය කොටට කපා ඇති පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
මියගොස් සිටින පුද්ගලයා රතු පැහැති කොට කලිසමක් හැඳ සිට ඇති අත,ර දකුණු අතෙහි බාහුවෙහි හඳුනාගැනීමට නොහැකි පච්චයක් කොටා තිබෙනවා.
මෘත ශරීරය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
1
+1
+1





