තායිලන්තයට යන මුතු රාජාට සෙත් පතා පිරිත් සජ්ඣායනයක් (ඡායාරූප)

තායිලන්තයට රැගෙන යාමට සූදානම් කර සිටින මුතු රාජා හස්තියාට සෙත් පැතීම සඳහා සෙත් පිරිත් සජ්ඣායනයක් සිදු කර තිබෙනවා.

ඒ හස්තියා රැගෙන යාම වෙනුවෙන් මෙරටට පැමිණ සිටින තායිලන්ත විශේෂ දූත පිරිස, පරිසර සංවිධාන නියෝජිතයන් සහ RARE Sri Lanka සංවිධානයේ නියෝජිතයන් පිරිසක් එක්ව දෙහිවල සත්වෝද්‍යානයේදීයි.

තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබූ මුතු රාජා හස්තියා යළි රැගෙන යාම සඳහා රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ඊයේ (30) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙම AZS – 5701දරණ ගුවන් යානය රුසියාවේ මොස්කව් නුවර සිට ඊයේ රාත්‍රී 11.30ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟාවී තිබුණා.

මුතු රාජා හස්තියා අද රාත්‍රී 12ට දෙහිවල සත්වෝද්‍යානයේ සිට කටුනායක ගුවන් තොටුපොළ බලා රැගෙන යාමට නියමිතයි .

හස්තියා රැගත් ගුවන් යානය හෙට (02) අලුයම 03ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා රැගෙන යාමටයි සැලසුම් කර ඇත්තේ.

එම හස්තියා මෙරටින් රැගෙන යාම සඳහා තායිලන්තයේ ඇත්ගොව්වන් හතර දෙනෙකු සහ පශු වෛද්‍යවරයෙකු මෙරටට පැමිණ ඇති අතර, එම පිරිස සමග මෙරට ඇත්ගොව්වෙකු ද තායිලන්තය බලා පිටත්ව යනවා.

මෙරටින් තායිලන්තයට යන ඇත්ගොව්වා මුතු රාජාට එම පරිසරය හුරුවන තෙක් සහ ඇතා ආරක්ෂිත නවාතැනකට රැගෙන යන තෙක් දින කිහිපයක් එරට රැඳී සිටිනු ඇති.

2001 වසරේ තායිලන්තයෙන් මෙරටට හිමි වූ මුතු රාජා ඇතා අලුත්ගම, කන්දේ විහාරය සතුව හැදී වැඩුණු අතර එම සත්වයා නැවත තායිලන්තයට භාර දීමට ක්‍රියා කළේ ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත ලබා දෙන බවට වූ ගිවිසුම මත බවයි විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර නා හිමියන් සඳහන් කර තිබුණේ.

මාස හයක පමණ කාලයක් දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන ගොස් සිදු කළ ප්‍රතිකාරවලින් අනතුරුව ඇතාගේ පසුපස පාද වලට ඉහළින් තිබූ තුවාල 90%ක් පමණ සුව කිරීමට හැකි වූ බව පශු වෛද්‍ය නිලධාරීන් ප්‍රකාශ කළා.

තායිලන්තයට රැගෙන යාමෙන් අනතුරුව ඇතාගේ ඉදිරි පාදයට ජල චිකිස්තක ප්‍රතිකාර ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
1
+1
6
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යාළුවෙක් නුගේගොඩ නිවසක් දුන්නා අපිට..අපේ යාළුවෝ දන්නවා අපි කවුද කියලා
07:27
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
අස්වැසුම ෆෝම් එකක් ඉල්ලන් එන අහිංසක මිනිස්සුන්ට චණ්ඩි පාට් දැමූ කතරගම නිලධාරීන්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59


?