තායිලන්තයට යන මුතු රාජාට සෙත් පතා පිරිත් සජ්ඣායනයක් (ඡායාරූප)

තායිලන්තයට රැගෙන යාමට සූදානම් කර සිටින මුතු රාජා හස්තියාට සෙත් පැතීම සඳහා සෙත් පිරිත් සජ්ඣායනයක් සිදු කර තිබෙනවා.

ඒ හස්තියා රැගෙන යාම වෙනුවෙන් මෙරටට පැමිණ සිටින තායිලන්ත විශේෂ දූත පිරිස, පරිසර සංවිධාන නියෝජිතයන් සහ RARE Sri Lanka සංවිධානයේ නියෝජිතයන් පිරිසක් එක්ව දෙහිවල සත්වෝද්‍යානයේදීයි.

තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබූ මුතු රාජා හස්තියා යළි රැගෙන යාම සඳහා රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ඊයේ (30) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙම AZS – 5701දරණ ගුවන් යානය රුසියාවේ මොස්කව් නුවර සිට ඊයේ රාත්‍රී 11.30ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟාවී තිබුණා.

මුතු රාජා හස්තියා අද රාත්‍රී 12ට දෙහිවල සත්වෝද්‍යානයේ සිට කටුනායක ගුවන් තොටුපොළ බලා රැගෙන යාමට නියමිතයි .

හස්තියා රැගත් ගුවන් යානය හෙට (02) අලුයම 03ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා රැගෙන යාමටයි සැලසුම් කර ඇත්තේ.

එම හස්තියා මෙරටින් රැගෙන යාම සඳහා තායිලන්තයේ ඇත්ගොව්වන් හතර දෙනෙකු සහ පශු වෛද්‍යවරයෙකු මෙරටට පැමිණ ඇති අතර, එම පිරිස සමග මෙරට ඇත්ගොව්වෙකු ද තායිලන්තය බලා පිටත්ව යනවා.

මෙරටින් තායිලන්තයට යන ඇත්ගොව්වා මුතු රාජාට එම පරිසරය හුරුවන තෙක් සහ ඇතා ආරක්ෂිත නවාතැනකට රැගෙන යන තෙක් දින කිහිපයක් එරට රැඳී සිටිනු ඇති.

2001 වසරේ තායිලන්තයෙන් මෙරටට හිමි වූ මුතු රාජා ඇතා අලුත්ගම, කන්දේ විහාරය සතුව හැදී වැඩුණු අතර එම සත්වයා නැවත තායිලන්තයට භාර දීමට ක්‍රියා කළේ ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත ලබා දෙන බවට වූ ගිවිසුම මත බවයි විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර නා හිමියන් සඳහන් කර තිබුණේ.

මාස හයක පමණ කාලයක් දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන ගොස් සිදු කළ ප්‍රතිකාරවලින් අනතුරුව ඇතාගේ පසුපස පාද වලට ඉහළින් තිබූ තුවාල 90%ක් පමණ සුව කිරීමට හැකි වූ බව පශු වෛද්‍ය නිලධාරීන් ප්‍රකාශ කළා.

තායිලන්තයට රැගෙන යාමෙන් අනතුරුව ඇතාගේ ඉදිරි පාදයට ජල චිකිස්තක ප්‍රතිකාර ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
1
+1
6
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට විරුද්ධව මානව හිමිකමට පැමිණිල්ලක්
06:10
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38