AFC Banner
Empty Ad
Empty Ad

තායිලන්තයට තිලාපියාගෙන් කරදර

තායිලන්තයේ මේ වනවිට තිලාපියා මසුන් වඩාත් ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂයක් බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම මත්ස්‍ය විශේෂ හේතුවෙන් එරට පරිසර පද්ධතියට විශාල හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බ්ලැක්චින් තිලාපියා මසුන් තායිලන්තයේ ජල මාර්ග හරහා අඛණ්ඩව ව්‍යාප්ත වන අතර, මේ වන විට පළාත් 17ක් මෙම මත්ස්‍යන්ගේ බලපෑමට ලක්ව තිබෙනවා.

මෙම මත්ස්‍යන් විසින් තායිලන්තයේ වැදගත් ජලජීවී වගා නිෂ්පාදන, කුඩා මාළුන්, ඉස්සන්, ගොළුබෙල්ලන් සහ කීටයන් ගොදුරු කරගැනීම බහුලව සිදුකරන බව සඳහන්.

මෙම තත්ත්වයත් සමඟ ගංගා සහ වගුරු බිම්වල ජීවත්වන තිලාපියා මසුන් අල්ලා ගැනීමට තායි රජය විසින් එරට මිනිසුන්ව දිරිමත් කිරීම අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ, අනුව තිලාපියා මසුන් අල්ලන පුද්ගලයින්ට එම මාළු කිලෝග්‍රෑමයකට බාට් 15ක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම තිලාපියා මසුන් දඩයම් කිරීම සඳහා තිලාපියාගේ විලෝපිකයන් වන දිගු විස්කර් කැට්ෆිෂ් වැනි මසුන් ගංගා සහ වගුරු බිම්වලට මුදාහැරීමට ආරම්භ කර තිබෙනවා.

ඊට අමතරව ජානමය වශයෙන් වෙනස් කරන ලද බ්ලැක්චින් තිලාපියා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ද අරඹා ඇති අතර, ඔවුන් මේ වසර අවසන් වන විට මුදාහැරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, තිලාපියා මසුන් වේගයෙන් ප්‍රජනනය කරන විශේෂයක්වන අතර ගැහැණු මාළුවෙකුට වරකට බිත්තර 500ක් පමණ බිහි කිරීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
10
+1
3
+1
11
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?