AFC Banner
Empty Ad
Empty Ad

තාම යන්න තීරණයක් නැහැ : ශ්‍රීලනිප මහ ලේකම් කියයි

ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

මේ වනවිට රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග හමුවේ විවිධ දේශපාලන පක්ෂ විසින් වේදිකාවලදී ආණ්ඩුවේ අර්බුද මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී අදහස් පළ කළා.

බොහෝ අවස්ථාවලදී මාධ්‍ය මගින් විකාශය වූ දේශපාලන අදහස් අනුව පෙනී ගියේ මේ වනවිට රටේ පවතින අර්බුද විසඳා ගැනීමට ආණ්ඩු පක්ෂයේ හවුලෙන් කටයුතු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකම තලයේ එකඟතාවක් නොමැති බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස විසින් ද වරින්වර ආණ්ඩුව පිළිබඳ කලකිරීම් ස්වභාවයෙන් ද විවේචන ද සිදු කරන හෙයින් මෙම විරසකය වඩාත් මතුව පෙනුණා.

එහෙත් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ, ආණ්ඩුවේ අර්බුද වෙනුවෙන් ඒවා කතා කළ ද, ආණ්ඩුවෙන් ඉවත් වීමේ කිසිදු අභිලාසයක් නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?