තාමත් ඉතියෝපියාවට සෝමාලියාවට හිනා වෙනව ද ?

පුංචිම කාලේ අපේ කැහැටු ඇට ගැහිච්ච ඇඟවල් දිහා බලලා අයියලා විහිලු කරන්නේ ඉතියෝපියාවේ කන්න නැති එකෙක් වගේ කියලා.කාලයක් යද්දි අපිත් හිතුවා ඉතියෝපියාව කියන්නේ අපිට වඩා ගොඩාක් දුප්පත් රටක් කියලා.කාලෙන් කාලෙට පාට කන්නාඩි දාගෙන ලෝකේ බලන සහ බලපු අපි තට්ටු මාරු දේශපාලනය කරමින් ලංකාව දියුණු කරන්න උත්සාහ කරා.
ඇත්තටම අපි හිතුවා අපේ ඡන්දයෙන් පාරිලිමේන්තුවට ගිය මිනිස්සු මේ රට දියුණු කරා කියලා.ජනතාවක් වශයෙන් අපි කිසිම වෙලාවක් සවින්ඥානිකව හිතලා බැලුවේ නෑ මේ යවන පිරිසෙන් කී දෙනෙක්ට ඒ හැකියාව තියනවද ? අඩුම තරමෙන් මේ යන මිනිස්සු නිසි අධ්‍යාපනයක් මේ සම්බන්ධව ලබලා තියනව ද කියන කාරනාව ගැන.

බහුතරයක් ජනතාව තමන්ගේ කතිරය පාවිච්චි කරේ තහඩු කෑලී දහයක් ගන්න ,කක්කුස්සියට පෝච්චියක් දෙන්න ඉන්න ගමේ මනුස්සයා පාර්ලිමේන්තුවට යවා ගන්න.ආපහු හැරිලා බැලුවොත් ඔයාටම පෙනෙයි අපිට වුනේ “හොරු , දාමරිකයන් ,ස්ත්‍රී දූශකයන් අතරින් අඩුවෙන්ම වැරදි කරපු මිනිස්සු පාර්ලිමේන්තු යවන්න.ජනාධිපතිවරු , අඟමැතිවරු කරන්න.

අපිට කිසිම දවසක අවශ්ය වුනේ නෑ රටට දර්ශනය පිළිවෙතක් හදන්න.කාලයක් එක්ක අද ඔයයි මමයි දෙන්නම එකම ඩීසල් පෝළිමේ එකම ගෑස් පෝළිමේ මුහුණට මුහුණ බලන් ඉන්නවා.ඒ අතරේ හිටිය ගමන් කතාව කියනවා ඉතියෝපියාවට පාන් දැම්මා වගේ මෙහෙට ඩීසල් ආවම කියලා.

ඇත්තම කථාව ගත්තොත් ඇත්තම දැන් අපෙයි ඉතියෝපියාවෙයි ලොකු වෙනසක් නැහැ.මේ තියෙන්නේ එහෙ මිල ගනන් .සමහර ඒවා නම් ලංකාවට වඩා මිල අඩුයි ද කියලත් හිතෙනවා.

Ethiopia
ඉතියෝපියාවේ ආහාර මිල ආසන්නව ( ආසන්නව අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලදී )


තාමත් ලංකාවේ බම්බු ගේට්ටුවක්වත් නැතුව කෝච්චි හරස් පාරවල් වල මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ කුඩු වෙලා යද්දි ඉතියෝපියාවේ උන් ඉලෙක්ට්‍රික් ට්‍රේන් බුලට් ට්‍රේන් දා ගන්න ට්‍රයි කරනවා.

https://youtu.be/HgvoERlDJOA
දන්නවද ඇත්තටම ඉතියෝපියාවේ මිනිස්සූ දැන් යන්නේ ඉලෙක්ට්‍රික් ට්‍රේන් වල…

ඉස්සර අපි කතාවට කීවේ මේ රටේ ඉන්න වැරදිකාරයෝ මුරිසියට පිටුවහල් කරන්න ඕනේ කියලා.අපි හිතුවේ මුරිසිය කියන්නේ අපිට වඩා පහතින් තියන රටක් කියලා.අපි හිතුවේ මුඩු බිම් වලින් පිරුණු , පේනතෙක් මානයක ගහක් කොලක් නැති රටක් වෙන්න ඇති කියලා.
දැකලා නැත්නම් බලා ගන්න මේ තමයි දැන් මුරුසිය තියන විදිහ….
මේක දැක්කට පස්සේ හැමෝම ආස වෙයි මෙහෙන් මුරුසියට පිටුවහල් වෙන්න

Aerial view of the city of Port-Louis, Mauritius, Africa photo by Lobachad  on Envato Elements
දැකලා නැත්නම් බලා ගන්න මේ තමයි දැන් මුරුසිය තියන විදිහ….

මුඩ්ඩුකුවක් දැක්ක කොරියාව වගේ කිව්වට ලංකාවේ උන් දැන් පෝලිමේ ඉන්නේ කොරියාවට ජොබ් කරන්න යන්න.කොරියාවේ කම්කරුවෙක් රුපියල් ලක්ශ තුනක් විතර උපයද්දි අපේ රටේ බොහෝ රාජ්‍ය සේවකයන් රුපියල් හතලිස් දාහකින් රෝල ගහන්න ට්‍රයි කරනවා.

සිස්ටම් එකේ කොතනක හරි අපිට වැරදුනා.

ඉතින් මම අහන්නේ නෑ “අපිට වැරදුන තැන් මොනවද ? ” කියලා….
මොකද මම දන්නේ නෑ අපිට දැන් වෙලාවක් තියනවද කියල වැරදි හදා ගන්න.
මේ සටහන ලිව්වෙත් අපිට වැරදි හදා ගන්න කියන්න නෙමෙයි.

ඉතියෝපියාව, කොරියාව, මුරිසිය වගේ රටවල් වලට විහිලු කරන්න එපා කියන්න විතරයි….

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08