ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුමට අත්සන් තබයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය සඳහා ස්ථාපිත නව සමාගම සම්බන්ධයෙන් වන ගිවිසුම අද සවස අත්සන් කර තිබෙනවා.

භාණ්ඩාගාර ලේකම්, ඉඩම් කොමසාරිස් ජනරාල්, ලංකා ඛනිජ තෙල් නීගිත සංස්ථාව, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම එක්වයි මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු අද පස්වරුව වනවිට අවසන් කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කියාසිටියේ.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ඇති සමස්ත ටැංකි ගණන 99න් ටැංකි 61ක් ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නම් නව සමාගම යටතේ සංවර්ධනය කිරීමටයි මේ වනවිට සැලසුම් සකස් කර ඇත්තේ.

නව සමාගමේ 51%ක කොටස් අයිතිය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු අතර ඛෂධක්‍ සමාගමට 49%ක කොටස් අයිතිය හිමිවනවා.

මෙම නව සමාගම සම්බන්ධයෙන් වන ගිවිසුමට අදාළ කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව ඇති අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ ඕනෑම අවස්ථාවක ගිවිසුමට අත්සක් තැබීමේ හැකියාව පවතින
බවයි.

අදාළ ගිවිසුම ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08