Indian Premier League

ත්‍රෛලෝකවිජයපත්‍ර කිලෝ 28ක් පොලිස් භාරයට

මන්නාරම, වෙඩිතලතිව් කුලම ප්‍රදේශයේ සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 28ක් ඊයේ (04) සොයාගත් බව අඩම්පන් පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී වෙඩිතලතිව් කුලම ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ සඟවා තිබූ කේරළ ගංජා පාර්සල 13ක් එලෙස සොයාගත් බවයි.

ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙම කේරළ ගංජා තොගය මෙරට බෙදා හැරීමට සූදානම් කර තිබී ඇති බවත් වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය රුපියල් ලක්ෂ 50ක පමණ වටිනාකමින් යුතු වන අතර, කේරළ ගංජා තොගය සැඟවීම සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව ද පොලිසිය පැවසුවා.

ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙය වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අඩම්පන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?