ත්‍රෛලෝකවිජයපත්‍ර කිලෝ 28ක් පොලිස් භාරයට

මන්නාරම, වෙඩිතලතිව් කුලම ප්‍රදේශයේ සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 28ක් ඊයේ (04) සොයාගත් බව අඩම්පන් පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී වෙඩිතලතිව් කුලම ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ සඟවා තිබූ කේරළ ගංජා පාර්සල 13ක් එලෙස සොයාගත් බවයි.

ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙම කේරළ ගංජා තොගය මෙරට බෙදා හැරීමට සූදානම් කර තිබී ඇති බවත් වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය රුපියල් ලක්ෂ 50ක පමණ වටිනාකමින් යුතු වන අතර, කේරළ ගංජා තොගය සැඟවීම සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව ද පොලිසිය පැවසුවා.

ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙය වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අඩම්පන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46