ත්‍රී රෝද රථ සොරකම්වලට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට

ත්‍රී රෝද රථ සොරකම්වලට සම්බන්ධ පුද්ගලයෙකු බොරැල්ල ස්වර්ණපාල හිමි මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ත්‍රී රෝද රථ සොරකම් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ (03) පස්වරුවේ 24 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකරුගේ බිරිඳට අයත් මෙත්සර උයන මහල් නිවාස සංකීර්ණයේ නිවසක සිටියදී මෙම පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ මුදල් පසුම්බියේ තිබී WP HM -1626 දරණ ත්‍රී රෝද රථයට අදාළව නිකුත් කර ඇති රථ වාහන දඩ කොළයක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙන අතර එය ද ඔහු විසින් සොරකම් කළ ත්‍රී රෝද රථයකට අයත් බවටයි පොලිසිය ආනාවරණ කර ගෙන ඇත්තේ.

පසුගිය පෙබරවාරි මස 24 වැනි දින මරදාන රූබි හෝල් ආසන්නයේ තිබී එම ත්‍රි රෝද රථය සොරාගෙන ඇති අතර නැති වූ ත්‍රී රෝද රථය සම්බන්ධයෙන් මාළිගාවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක්ද ලැබී තිබෙනවා.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව කුප්පියාවත්ත පල්ලිය ඉදිරිපිට දමා ගොස තිබූ ත්‍රී රෝද රථයක් ද සොයා ගෙන ඇතැයි සඳහන්.

එම ත්‍රී රෝද රථයේ සහ සැකකරු සතුව තිබූ දඩ කොළයේ ඇති රථයේ ලියාපදිංචි අංක පරස්පර වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත්තේ තමන් සතුව ඇති තවත් ත්‍රී රෝද රථයක් අලුත්වැඩියාව සඳහා යොමුකර ඇති අතර එහි අංකය මෙම ත්‍රී රෝද රථයට යොදා ඇති බවයි.

ඒ අනුව සොරාගන්න ලද ත්‍රී රෝද රථයේ අංක තහඩුව බොරැල්ල මෙත්සර උයන මහල් නිවාස සංකීර්ණයේ නිවසේ අල්මාරිය පිටුපස සඟවා ඇති බවට සැකකරු කළ ප්‍රකාශ අනුව එම අංක තහඩුව පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු සහ ත්‍රී රෝද රථ භාණ්ඩ මාළිගාවත්ත පොලිසිය වෙත භාර දීමට නියමිත අතර තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?