ත්‍රී රෝද රථ සොරකම්වලට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට

ත්‍රී රෝද රථ සොරකම්වලට සම්බන්ධ පුද්ගලයෙකු බොරැල්ල ස්වර්ණපාල හිමි මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ත්‍රී රෝද රථ සොරකම් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ (03) පස්වරුවේ 24 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකරුගේ බිරිඳට අයත් මෙත්සර උයන මහල් නිවාස සංකීර්ණයේ නිවසක සිටියදී මෙම පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ මුදල් පසුම්බියේ තිබී WP HM -1626 දරණ ත්‍රී රෝද රථයට අදාළව නිකුත් කර ඇති රථ වාහන දඩ කොළයක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙන අතර එය ද ඔහු විසින් සොරකම් කළ ත්‍රී රෝද රථයකට අයත් බවටයි පොලිසිය ආනාවරණ කර ගෙන ඇත්තේ.

පසුගිය පෙබරවාරි මස 24 වැනි දින මරදාන රූබි හෝල් ආසන්නයේ තිබී එම ත්‍රි රෝද රථය සොරාගෙන ඇති අතර නැති වූ ත්‍රී රෝද රථය සම්බන්ධයෙන් මාළිගාවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක්ද ලැබී තිබෙනවා.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව කුප්පියාවත්ත පල්ලිය ඉදිරිපිට දමා ගොස තිබූ ත්‍රී රෝද රථයක් ද සොයා ගෙන ඇතැයි සඳහන්.

එම ත්‍රී රෝද රථයේ සහ සැකකරු සතුව තිබූ දඩ කොළයේ ඇති රථයේ ලියාපදිංචි අංක පරස්පර වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත්තේ තමන් සතුව ඇති තවත් ත්‍රී රෝද රථයක් අලුත්වැඩියාව සඳහා යොමුකර ඇති අතර එහි අංකය මෙම ත්‍රී රෝද රථයට යොදා ඇති බවයි.

ඒ අනුව සොරාගන්න ලද ත්‍රී රෝද රථයේ අංක තහඩුව බොරැල්ල මෙත්සර උයන මහල් නිවාස සංකීර්ණයේ නිවසේ අල්මාරිය පිටුපස සඟවා ඇති බවට සැකකරු කළ ප්‍රකාශ අනුව එම අංක තහඩුව පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු සහ ත්‍රී රෝද රථ භාණ්ඩ මාළිගාවත්ත පොලිසිය වෙත භාර දීමට නියමිත අතර තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21