ත්‍රී රෝද රථ කොල්ලයකට අදාළ 4ක් අත්අඩංගුවට

කොබෙයිගනේ ප්‍රදේශයේදී සිදු වූ කොල්ලකෑමකට අදාළව පුද්ගලයන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ උදෑසන ත්‍රී රෝද රථයක්, ජංගම දුරකථන දෙකක් සහ මුදලින් රුපියල් 315,000ක් කොල්ලකා ඇති බවටයි කොබෙයිගනේ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ.

පැමිණිල්ල සිදු කළ පුද්ගලයා නිට්ටඹුව ප්‍රදේශයේ වාහන අලෙවි කරන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර තවත් මිතුරෙක් සමග ත්‍රී රෝද රථයකින් කොබෙයිගනේ ප්‍රදේශයට පැමිණ ඇත්තේ තවත් අයෙකුගෙන් ත්‍රී රෝද රථයක් මිලදී ගැනීම සඳහායි.

එය මිලදී ගෙන යමින් සිටියදී ධාවනය කර ඇත්තේ පැමිණිලිකරුගේ මිතුරායි. මිලදී ගත් ත්‍රී රෝද රථයට පිටුපසින් එය මිලදී ගත් පුද්ගලයා තමාගේ ත්‍රී රෝද රථයෙන් පැමිණ තිබුණා.

කොබෙයිගනේ කැලෑබද ප්‍රදේශයකදී මිලදී ගත් ත්‍රී රෝද රථය නතර කර තිබෙන ආකාරය දුටු එය මිලදී ගත් පුද්ගලයා ද තමා පැමිණි ත්‍රී රෝද රථය නතර කර විමසා බලා තිබෙනවා.

එහිදී ගිනි අවියක් සහ කඩුවක් අතැතිව පැමිණි දෙදෙනෙකු තමා බිය ගන්වා මිතුරා ධාවනය කළ ත්‍රී රෝද රථයකට නංවාගෙන අතුරු මාර්ගයකට රැගෙන ගොස් එම ත්‍රී රෝද රථය, දුරකථන සහ මුදල් කොල්ලකා පළාගොස් ඇති බවටයි පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කළ විමර්ශණයකට අනුව ඊයේ දිනයේම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් කොබෙයිගනේ ප්‍රදේශයේම පදිංචි අවුරුදු 22ත් 28ත් අතර වයස්වල පසුවන 4 දෙනෙක්.

කොල්ලකන ලද ත්‍රී රෝද රථය, මුදල් රුපියල් 119,420ක් සහ ජංගම දුරකථන දෙක පොලිසිය විසින් සොයාගෙන ඇති අතර කොබෙයිගනේ පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
2
+1
5
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?