ත්‍රී රෝද රථ කොල්ලයකට අදාළ 4ක් අත්අඩංගුවට

කොබෙයිගනේ ප්‍රදේශයේදී සිදු වූ කොල්ලකෑමකට අදාළව පුද්ගලයන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ උදෑසන ත්‍රී රෝද රථයක්, ජංගම දුරකථන දෙකක් සහ මුදලින් රුපියල් 315,000ක් කොල්ලකා ඇති බවටයි කොබෙයිගනේ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ.

පැමිණිල්ල සිදු කළ පුද්ගලයා නිට්ටඹුව ප්‍රදේශයේ වාහන අලෙවි කරන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර තවත් මිතුරෙක් සමග ත්‍රී රෝද රථයකින් කොබෙයිගනේ ප්‍රදේශයට පැමිණ ඇත්තේ තවත් අයෙකුගෙන් ත්‍රී රෝද රථයක් මිලදී ගැනීම සඳහායි.

එය මිලදී ගෙන යමින් සිටියදී ධාවනය කර ඇත්තේ පැමිණිලිකරුගේ මිතුරායි. මිලදී ගත් ත්‍රී රෝද රථයට පිටුපසින් එය මිලදී ගත් පුද්ගලයා තමාගේ ත්‍රී රෝද රථයෙන් පැමිණ තිබුණා.

කොබෙයිගනේ කැලෑබද ප්‍රදේශයකදී මිලදී ගත් ත්‍රී රෝද රථය නතර කර තිබෙන ආකාරය දුටු එය මිලදී ගත් පුද්ගලයා ද තමා පැමිණි ත්‍රී රෝද රථය නතර කර විමසා බලා තිබෙනවා.

එහිදී ගිනි අවියක් සහ කඩුවක් අතැතිව පැමිණි දෙදෙනෙකු තමා බිය ගන්වා මිතුරා ධාවනය කළ ත්‍රී රෝද රථයකට නංවාගෙන අතුරු මාර්ගයකට රැගෙන ගොස් එම ත්‍රී රෝද රථය, දුරකථන සහ මුදල් කොල්ලකා පළාගොස් ඇති බවටයි පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කළ විමර්ශණයකට අනුව ඊයේ දිනයේම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් කොබෙයිගනේ ප්‍රදේශයේම පදිංචි අවුරුදු 22ත් 28ත් අතර වයස්වල පසුවන 4 දෙනෙක්.

කොල්ලකන ලද ත්‍රී රෝද රථය, මුදල් රුපියල් 119,420ක් සහ ජංගම දුරකථන දෙක පොලිසිය විසින් සොයාගෙන ඇති අතර කොබෙයිගනේ පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
2
+1
5
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 06.02.2026
00:00
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය
00:41
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය කොහොමද ?
03:24


?