AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රී රෝද රථ අනතුරකින් 5කට තුවාල

හක්මන වලස්මුල්ල මාර්ගයේ දිගන වංගුව අසලදී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පාසල් සිසුන් ඇතුළු 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පාසල් සිසුන් දෙදෙනෙක්, කාන්තාවන් දෙදෙනෙක් සහ ත්‍රීරෝද රථයේ රියදුරායි මෙලෙස තුවාල ලබා ඇත්තේ.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇත්තේ ගංගොඩගම රෝහලටයි.

පාසල් ළමයින් දෙදෙනා රැගෙන හක්මන දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයේ රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවට පැමිණෙමින් තිබූ යතුරු පැදියක ගැටී ප්‍රපාතයට පෙරළී තිබෙනවා.

ප්‍රපාතය පහළින් තිබූ නිවසක මිදුලටයි ත්‍රීරෝද රථය පෙරළී ගොස් වැටී ඇත්තේ.

ත්‍රීරෝද රථ රියදුරුගේ තත්ත්වය බරපතළ බැවින් ඔහු මාතර මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?