ත්‍රී රෝද රථ අනතුරකින් 5කට තුවාල

හක්මන වලස්මුල්ල මාර්ගයේ දිගන වංගුව අසලදී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පාසල් සිසුන් ඇතුළු 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පාසල් සිසුන් දෙදෙනෙක්, කාන්තාවන් දෙදෙනෙක් සහ ත්‍රීරෝද රථයේ රියදුරායි මෙලෙස තුවාල ලබා ඇත්තේ.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇත්තේ ගංගොඩගම රෝහලටයි.

පාසල් ළමයින් දෙදෙනා රැගෙන හක්මන දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයේ රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවට පැමිණෙමින් තිබූ යතුරු පැදියක ගැටී ප්‍රපාතයට පෙරළී තිබෙනවා.

ප්‍රපාතය පහළින් තිබූ නිවසක මිදුලටයි ත්‍රීරෝද රථය පෙරළී ගොස් වැටී ඇත්තේ.

ත්‍රීරෝද රථ රියදුරුගේ තත්ත්වය බරපතළ බැවින් ඔහු මාතර මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17