ත්‍රී රෝද රථයක් පැහැරගෙන යාමට පැමිණි තුන් දෙනෙකු සොයා මෙහෙයුමක්

ත්‍රී රෝද රථයකින් කුලී ගමනක් යන මුවාවෙන් ගොස් එහි රියදුරාට පහර දී රථයක් පැහැරගෙන යාමට උත්සහ කළ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

හැටන් නගරයේ ත්‍රී රෝද රථ ගාලක් වෙත ඊයේ පස්වරු 4ට පමණ පැමිණි පුද්ගලයෙකු තමන්ට වටවල දක්වා යාමට අවශ්‍ය බව පවසා එක් ත්‍රී රෝද රථයක් කුලියට ගෙන ගමන් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

එම රථය හැටන් සිට වටවල දක්වා ගමන් කරමින් තිබෙන අතර කුයිල්වත්ත ප්‍රදේශයේදී පසුපසින් පැමිණි තවත් ත්‍රී රෝද රථයක් ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයේ මාර්ගය හරස් කරමින් නතර කර තිබෙනවා.

එහිදී කුලී ත්‍රී රෝද රථයේ පසුපස ගමන් ගත් සැකකරු තමා සමග පොර බැදීම නිසා රථය ප්‍රධාන මාර්ගය අබියස පෙරලී යාමත් සමග රථයේ යතුර ද රැගෙන ඔවුන් පළා ගිය බවයි රියදුරා පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

එම සැකකරුවන් නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හැටන් පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පළා ගිය ත්‍රී රෝද රථය සහ සැකකරුවන් සොයා හැටන් පොලිසිය ආරක්ෂිත කැමරා දර්ශන ද උපයෝගී කර ගනිමින් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
3
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58