spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රී රෝද රථයක් පැහැරගෙන යාමට පැමිණි තුන් දෙනෙකු සොයා මෙහෙයුමක්

ත්‍රී රෝද රථයකින් කුලී ගමනක් යන මුවාවෙන් ගොස් එහි රියදුරාට පහර දී රථයක් පැහැරගෙන යාමට උත්සහ කළ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

හැටන් නගරයේ ත්‍රී රෝද රථ ගාලක් වෙත ඊයේ පස්වරු 4ට පමණ පැමිණි පුද්ගලයෙකු තමන්ට වටවල දක්වා යාමට අවශ්‍ය බව පවසා එක් ත්‍රී රෝද රථයක් කුලියට ගෙන ගමන් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

එම රථය හැටන් සිට වටවල දක්වා ගමන් කරමින් තිබෙන අතර කුයිල්වත්ත ප්‍රදේශයේදී පසුපසින් පැමිණි තවත් ත්‍රී රෝද රථයක් ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයේ මාර්ගය හරස් කරමින් නතර කර තිබෙනවා.

එහිදී කුලී ත්‍රී රෝද රථයේ පසුපස ගමන් ගත් සැකකරු තමා සමග පොර බැදීම නිසා රථය ප්‍රධාන මාර්ගය අබියස පෙරලී යාමත් සමග රථයේ යතුර ද රැගෙන ඔවුන් පළා ගිය බවයි රියදුරා පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

එම සැකකරුවන් නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හැටන් පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පළා ගිය ත්‍රී රෝද රථය සහ සැකකරුවන් සොයා හැටන් පොලිසිය ආරක්ෂිත කැමරා දර්ශන ද උපයෝගී කර ගනිමින් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
3
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?