ත්‍රිපෝෂ සමාගමට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස අමල් නිරෝෂණ අත්තනායක පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අමල් නිරෝෂණ අත්තනායක වෙත ලබාදීම අද (13) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු වුණා.

වසර 25 කට අධික කාලයක් පුරා දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්‍රෂේත්‍රයේ ඉහළ පළපුරුදක් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙක්.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේ දී ගෞරව උපාධිය ලබා ඇති අතර විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

දේශීය මෙන්ම වි‌දේශීය වෙළඳ සන්නාම රැසක නිර්මාණකරු වනඔහු දකුණු ආසියාවේ මෙන්ම මෙරට ජාත්‍යන්තර ප්‍රදර්ශන කිහිපයක් මෙහෙයවීම සහ කළමණාකරණය සිදුකර ඇති අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?