ත්‍රිවිධ හමුදාවේ ඉදිරි වසරවල සාර්ථකත්වයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ තක්සේරු කළ යුතුයි – ආරක්‍ෂක ලේකම්

ජාතියේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික අවශ්‍යතා ආරක්‍ෂා කළ හැකි තාක්‍ෂණිකව දියුණු සහ මානව කේන්ද්‍රීය බලවේගයක් වීම ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ක්ෂේත්‍රයේ දැක්ම බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පවසනවා.

එම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා, ආරක්‍ෂක අංශයේ පරිපූර්ණ ප්‍රතිසංස්කරණ පිළිබඳ පුළුල් වැඩසටහනක් ආරම්භ කළ යුතු බවයි ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේ.

සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් අමතමින් ඔහු අද (10) මෙම අදහස් පළ කළා.

එමෙන්ම මාතෘභූමිය ප්‍රධාන සමුද්‍ර වෙළඳ මාර්ගවල සන්ධිස්ථානයක සුවිශේෂී ලෙස ස්ථානගත වී බවත් මෙම උපායමාර්ගික පිහිටීම අතිවිශාල ආර්ථික අවස්ථා ලබා දෙන අතරම, සැලකිය යුතු ආරක්‍ෂක අභියෝග ද ඉදිරිපත් නරන බවත් ඔහු මෙහිදි පැවසුවා.

ත්‍රස්තවාදය, කැරලි, සමුද්‍ර මංකොල්ලකෑම් සහ ස්වාභාවික විපත් දක්වා වූ පුළුල් පරාසයක තර්ජනවලට විසඳුම් සෙවීමට සූදානම් විය යුතු බව ද ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මෙම අවස්ථාවේදී, ආරක්‍ෂක ලේකම්වවරයා තම වටිනා දැනුම මෙම එක් අවුරුදු මාණ්ඩලික පාඨමාලා විෂය මාලාව සම්පූර්ණ කරන ශ්‍රී ලංකාවේ සහ විදේශීය සන්නද්ධ හමුදාවන්හී තරුණ වෘත්තීය නිලධාරීන් සමඟ බෙදා ගත්තා.

එම අවස්ථාව සනිටුවන් කිරීම සඳහා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙහි සේනාවිධායකවරයා හා ආරක්‍ෂක ලේකම්වරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?