ත්‍රිවිධ හමුදාවේ ඉදිරි වසරවල සාර්ථකත්වයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ තක්සේරු කළ යුතුයි – ආරක්‍ෂක ලේකම්

ජාතියේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික අවශ්‍යතා ආරක්‍ෂා කළ හැකි තාක්‍ෂණිකව දියුණු සහ මානව කේන්ද්‍රීය බලවේගයක් වීම ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ක්ෂේත්‍රයේ දැක්ම බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පවසනවා.

එම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා, ආරක්‍ෂක අංශයේ පරිපූර්ණ ප්‍රතිසංස්කරණ පිළිබඳ පුළුල් වැඩසටහනක් ආරම්භ කළ යුතු බවයි ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේ.

සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් අමතමින් ඔහු අද (10) මෙම අදහස් පළ කළා.

එමෙන්ම මාතෘභූමිය ප්‍රධාන සමුද්‍ර වෙළඳ මාර්ගවල සන්ධිස්ථානයක සුවිශේෂී ලෙස ස්ථානගත වී බවත් මෙම උපායමාර්ගික පිහිටීම අතිවිශාල ආර්ථික අවස්ථා ලබා දෙන අතරම, සැලකිය යුතු ආරක්‍ෂක අභියෝග ද ඉදිරිපත් නරන බවත් ඔහු මෙහිදි පැවසුවා.

ත්‍රස්තවාදය, කැරලි, සමුද්‍ර මංකොල්ලකෑම් සහ ස්වාභාවික විපත් දක්වා වූ පුළුල් පරාසයක තර්ජනවලට විසඳුම් සෙවීමට සූදානම් විය යුතු බව ද ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මෙම අවස්ථාවේදී, ආරක්‍ෂක ලේකම්වවරයා තම වටිනා දැනුම මෙම එක් අවුරුදු මාණ්ඩලික පාඨමාලා විෂය මාලාව සම්පූර්ණ කරන ශ්‍රී ලංකාවේ සහ විදේශීය සන්නද්ධ හමුදාවන්හී තරුණ වෘත්තීය නිලධාරීන් සමඟ බෙදා ගත්තා.

එම අවස්ථාව සනිටුවන් කිරීම සඳහා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙහි සේනාවිධායකවරයා හා ආරක්‍ෂක ලේකම්වරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53