තවමත් නො නිවුණු කැලිෆෝනියාවේ ළැව්ගිනි – මිලියන 06ක් අනතුරේ

සතියක සිට කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රමුඛ තවත් ප්‍රාන්ත ගණනාවකට දැඩි තර්ජනයක් සහ විනාශයක් සිදු කරමින් ඇවිළෙන ළැව්ගිනි ජාලාවේ තවමත් පසුබෑමක් හෝ අඩපණ වීමක් දක්නට නොලැබෙන බව CNN මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මෙම ළැව්ගිනි ජාලාවෙන් ලොස් ඇන්ජලීස් හි මිලියන 06කට අධික ප්‍රජාවක් තවමත් බරපතළ අවදානමකට ලක් ව ඇති බවයි එම විදෙස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

අද (15) වන විටත් එම ප්‍රදේශ හරහා දැවැන්ත සුළං හමා යමින් පවතින අතර මේ හේතුවෙන් ළැව්ගිනි වර්ධනය වී ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවත් එම වාර්තාවේ සඳහන්.

මෙම ළැව්ගිනි මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් දහස් ගණනක් යොදාගෙන ඇති බවත් වාර්තාවනවා.

කෙසේවෙතත් ළැව්ගිනිවලට හසු වීමෙන් එම ප්‍රාන්තය තුළ පමණක් මේ වනවිට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබෙනවා.

ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයෙන් පිටත නගර ඇතුළුව දකුණු කැලිෆෝනියාවේ විශාල ප්‍රදේශයක ජනකායක් තවදුරටත් ගින්නෙන් පීඩා විඳින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43


?