තවමත් නො නිවුණු කැලිෆෝනියාවේ ළැව්ගිනි – මිලියන 06ක් අනතුරේ

සතියක සිට කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රමුඛ තවත් ප්‍රාන්ත ගණනාවකට දැඩි තර්ජනයක් සහ විනාශයක් සිදු කරමින් ඇවිළෙන ළැව්ගිනි ජාලාවේ තවමත් පසුබෑමක් හෝ අඩපණ වීමක් දක්නට නොලැබෙන බව CNN මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මෙම ළැව්ගිනි ජාලාවෙන් ලොස් ඇන්ජලීස් හි මිලියන 06කට අධික ප්‍රජාවක් තවමත් බරපතළ අවදානමකට ලක් ව ඇති බවයි එම විදෙස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

අද (15) වන විටත් එම ප්‍රදේශ හරහා දැවැන්ත සුළං හමා යමින් පවතින අතර මේ හේතුවෙන් ළැව්ගිනි වර්ධනය වී ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවත් එම වාර්තාවේ සඳහන්.

මෙම ළැව්ගිනි මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් දහස් ගණනක් යොදාගෙන ඇති බවත් වාර්තාවනවා.

කෙසේවෙතත් ළැව්ගිනිවලට හසු වීමෙන් එම ප්‍රාන්තය තුළ පමණක් මේ වනවිට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබෙනවා.

ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයෙන් පිටත නගර ඇතුළුව දකුණු කැලිෆෝනියාවේ විශාල ප්‍රදේශයක ජනකායක් තවදුරටත් ගින්නෙන් පීඩා විඳින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී සෙනෙවිරත්න, හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
01:11
Video thumbnail
හිටපු පොලිස්පතිට ශෝකය පලකළ ශ්‍රී ලංකා පොලිසියේ දෙවැනියා...
01:22
Video thumbnail
චමල් රාජපක්ෂ තනියෙන්ම හිටපු පොලිස්පතිට සමුදෙන්න එයි
01:21
Video thumbnail
මේ ඉන්නේ ගප්පි, ඩෙංගු නෑ මේකේ - බන්දුල ගප්පි ගෙනත් දායි
02:26
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ළඟට වැඩම කළ සමන්ත භද්‍ර හිමි
00:22
Video thumbnail
ආයේ මේ ආත්මෙට මාලිමා ආණ්ඩුවක් හැදෙන්න නෑ
12:04
Video thumbnail
රටම දන්න ප්‍රසිද්ධ බීම කඩේක කුණු ටික මහ පාරට දාලා - සේවකයින් වැඩ වරද්දගත්ත හැටි
01:33
Video thumbnail
දේශපාලනයෙන් මොහොතකට මිදී… සුරතලුන් සමඟ ආදරය බෙඳාගත් සජිත්
00:38
Video thumbnail
පොලිස් නිලධාරීන්ටත් ප#රදෙන්න හැදූ සැකකරුවන්ට පොලිසියෙන් වෙ#D
01:42
Video thumbnail
නාමල් එක්ක අපිට එකතුවෙන්න බෑ? එහෙම තැනක මට හිටගෙන ඉන්න බෑ
03:29