AFC Banner
Empty Ad
Empty Ad

තවත් විදෙස් රටක් ශ්‍රී ලංකාව අවදානම් රටක් ලෙස නම් කරයි

කොරෝනා වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාව අවදානම් සහිත රටක් ලෙස නම්කිරීමට හොංකොං කටයුතු කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන පුද්ගලයන් සඳහා නිරෝධායනය නීති දැඩි කිරීමට හොංකොං පාලනය පියවර ගෙන ඇත. මෙම නව නියෝගය අගෝස්තු 20 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, කාම්බෝජය, ප්‍රංශය, ග්‍රීසිය, ඉරානය සහ මැලේසියාව ඇතුළු තවත් රටවල් 15ක්ද හොංකොං විසින් මෙලෙස දැඩි අවදානම් රටවල් ලෙස නම්කර ඇත. හොංකොං රජයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ මෙම රටවල් ඩෙල්ටා ප්‍රභේදයෙන් දැඩි තර්ජනයට ලක්ව ඇති අතර බොහෝ රටවල කෙටි කාලයක් තුළ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි.
“මහා පරිමාණ එන්නත් වැඩසටහන් තිබියදීත්, බොහෝ ස්ථාන වයිරසය නැවත හිස ඔසවමින් සිටින අතර එමගින් දේශීය වසංගත විරෝධී උත්සාහයන්ට දැවැන්ත අභියෝග එල්ලවී තිබේ.” යැයි එම ප්‍රකාශකයා පෙන්වාදී ඇත.

නයන තරංග ගමගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?