AFC Banner
Empty Ad
Empty Ad

තවත් කොවිඩ් පොකුරක්

බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 33 දෙනෙකුට හා ගාල්ල බන්ධනාගාරයේ එක් රැදවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසනවා.

ගාල්ල හා කළුතර යන දිස්ත්‍රික්කවල පිහිටි අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන රැදවියන් බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය කරන අතර පසුව කරනු ලැබු පි.සි.ආර් පරික්ෂණවලදි මෙම රැදවියන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

බුස්ස බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත රැදවියන් 33 දෙනාගෙන් 12 දෙනෙකු මාතර වටරැක බන්ධනාගාරය වෙතද, 21 දෙනෙකු අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙතද ප්‍රථිකාර සදහා යොමු කොට ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?