තලවතුගොඩ වෙඩි තැබීමේ සිද්ධියේ සුරාබදු නිලධාරියා සහ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

තලවතුගොඩ ප්‍රදේශයේ සමාජ ශාලාවක් අසල අද (19) අලුයම සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියා සහ ව්‍යාපාරිකයා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබෙනවා.

ඒ, අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

තලංගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා ලබන 30 වනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?