ඉන්දීය නළු තලපති විජේගේ තමිල්නාඩු ප්‍රාන්තයේ කරූර් දිස්ත්‍රික්කයේ ඊයේ (27) පැවති රැළියක ඇතිවූ තෙරපීමකින් මියගිය සංඛ්‍යාව 39ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
මෙම අනතුරින් මියගිය අය අතර ළමුන් 10ක්, කාන්තාවන් 17ක් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.
අනතුරින් තවත් පුද්ගලයින් සියදෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
පුද්ගලයින් 30,000ක් පමණ මෙම රැළියට සභාගීව සිට ඇති අතර, විජේ ඔහුගේ රැළියට පැමිණීටමට පැය හතක පමණ ප්‍රමාදයක් සිදුවීම හේතුවෙන් ආධාරකරුවන් අතර මෙම තෙරපීම ඇතිව තිබෙනවා.
මේ අතර සිදු වූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය නළු තලපති විජේ එක්ස් සමාජ මධ්‍යයේ සටහනක් තබමින් මෙලෙස පවසා තිබෙනවා.
“මගේ හදවත බිඳී ගොස් ඇත; වචනවලින් ප්‍රකාශ කළ නොහැකි දරාගත නොහැකි, විස්තර කළ නොහැකි වේදනාවකින් සහ ශෝකයකින් මම වෙව්ලමින් සිටිමි. කරූර්හිදී ජීවිත අහිමි වූ මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ගේ පවුල්වලට මම මගේ ගැඹුරු ශෝකය සහ අනුකම්පාව ප්‍රකාශ කරමි. රෝහලේ ප්‍රතිකාර ලබන අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.”





