Indian Premier League

තරුණ මන්ත්‍රී කෝසලගේ හදිසි වියෝව ගැන ජනපතිගෙන් සංවේදී සටහනක්

පසුගියදා (06) අභාවප්‍රාප්ත වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් මහතාගේ හදිසි වියෝව සම්බන්ධ‍යෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සංවේදී සටහනක් සිය මුහුණුපොතේ තබා තිබෙනවා.

ජනාධිපතිවරයා පවසන්නේ;

ගමන ඇරඹුවා පමණයි
ඔබ නොමැති පාඩුව බරයි…

ඔබ පැතූ දේශය ගොඩනගන්නට අපි කැප වන්නෙමු.

කෝසල සොයුර,
ඔබට විප්ලවීය ආචාරය!”
යනුවෙන්.

මෙවර මහමැතිවරණයෙන් ඉහළ මනාප සංඛ්‍යාවක් දිනාගනිමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ග්‍රාමය නියෝජනය කරමින් තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස කෝසල නුවන් මහතා පාර්ලිමේන්තු වරම් දිනාගත්තා.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කරවනැල්ල මූලික රෝහලේ දී ඒ මහතා ජීවිතක්ෂයට පත් වන විට 38 හැවිරිදි වියෙහි පසුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?