තරඟයෙන් පසු කුසල් මාධ්‍ය අමතයි….

අවසන් T20 තරගයේදී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 69ක් ලබාගත්තා. ඒ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ද සමගින්.

එමෙන්ම ඔහු අද රැස් කළේ සිය T20 තරග දිවියේ 6 වන අර්ධ ශතකයයි.මෙම තරගයේ වීරයා සම්මානය හිමිවුයේ ද කුසල් මෙන්ඩිස්ටයි.

මේ අතර තරගාවලිය පුරාවටම තම කණ්ඩායමේ ක්‍රීඩකයන් ඉතා හොඳින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.

“තරගාවලිය පුරාවටම අපේ ක්‍රීඩකයන් හොඳට ක්‍රීඩා කළා, ලෝක කුසලානයට එනකොට අපි සූදානම් වෙනවා කියලා ප්‍රකාශයක් කළා. කුසල් මෙන්ඩිස් තරගාවලියේ පුරාම කැපී පෙනෙන ක්‍රීඩකයෙක්. නිවැරැදි ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි. අපට සහය දුන් සියලුම ශ්‍රී ලාංකිකයන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඉක්මනින්ම ලෝක කුසලානයෙන් හමුවෙමු.” යනුවෙන් ඔහු කියාසිටියා.

මේ අතර ඔස්ට්‍රේලියා නායක ඒරන් ෆින්ච් තරගය අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කළා. ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියාසිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා භයානක කණ්ඩායම බවයි. එමෙන්ම 20යි 20 තරග 5ක් අඛණ්ඩව ජය ගැනීම අසීරු කරුණක් බව ද ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

මෙම තරගයේ පවර්ප්ලේ අවස්ථාව තුල තම ක්‍රීඩකයන්ගේ දක්ෂතා ප්‍රමාණවත් නොවූ බව ද ඔහු ප්‍රකාශ කළා. කෙසේවෙතත් මෙම තරගාවලිය ඉතා අපූරු එකක් වූ බවයි ඕස්ට්‍රේලියා නායකයා කියාසිටියේ. Josh Inglis ගේ ක්‍රීඩා විලාශය අතිවිශිෂ්ට වූ අතර, ඔහුගේ ක්‍රීඩාව ජාත්‍යන්තරයට හොඳින් ගැලපෙන බව ඒරන් ෆින්ච් සඳහන් කළා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති 20යි 20 තරගාවලිය තරග 4-1ක් ලෙස ජය ගත්තේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී පැවැති 5 වැනි තරගය ජය ගැනීම සදහා ලකුණු 155ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ඉනිම අවසන් වන තුරුම කඩුල්ලේ රැදී සිටි අතර, ඔහු පන්දු 58කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 69ක්. හයේ පහරක් හා හතරේ පහර 5ක් කුසල්ගේ ඉනිමට ඇතුළත්.

චරිත් අසලංක පන්දු 9කින් ලකුණු 20ක් ලබා ගත්තා. දසුන් ශානක ලකුණු 35(31) ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය ආසන්නයටම රැගෙන ගියා.

දසුන් හා මෙන්ඩිස් අතර පස් වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 83(64)ක්.

ජයග්‍රහනය සදහා ලකුණු 7ක් අවශ්‍ය වූ අවස්ථාවේ දී දසුන් ශානක විසින් දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් තරගයේ ලකුණු සංඛ්‍යාව සම තත්ත්වයට රැගෙන ඒමට සමත් වූ නමුත්, අනතුරුව මුහුණ දුන් පන්දුවෙන් දසුන් දැවී ගියා.

පසුව පිටියට පිවිසි චාමික කරුණාරත්න පහසුවෙන් එක් ලකුණක් ලබා ගනිමින් තරගයේ ජය ශ්‍රී ලංකාවට තහවුරු කර දුන්නා.

මෙම තරගයේ දී ජාත්‍යන්තර වරම් දිනූ කමිල් මිෂාර(1) හා ජනිත් ලියනගේ(8) යන පිතිකරුවන් දෙදෙනාම අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.පන්දු යැවීමේ දී කේන් රිචර්ඩ්සන් කඩුලු 2ක් හා ඇෂ්ටන් ඒගාර් එක් කඩුල්ලක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන්  ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 154ක් රැස් කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.ඉනිම ආරම්භයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ප්‍රබල අභියෝගයක් ඔස්ට්‍රේලියාවට එල්ල වූ අතර, පළමු පන්දුවාර 6 (පවර් ප්ලේ) අවසන් වන විට ඔවුන් ලබා ගෙන තිබුණේ කඩුලු 2ක් දැවී ලකුණු 22ක් පමණයි.

ආරෝන් ෆින්ච් ලකුණු 8කටත්, බෙන් මැක්ඩර්මට් ලකුණු 3කටත් දැවී ගියා. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 29ක් හා ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 23ක් ලබා ගත්තා. මර්කස් ස්ටොයිනිස් ලකුණු 17යි.

මැතිව් වේඩ් නොදැවී ලකුණු 43(27)ක් හා ඩැනියල් සෑම්ස් ලකුණු 18(15)ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 150 සීමාව පසුකර රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ළහිරු කුමාර හා දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් දවා ගත් අතර, ප්‍රවීන් ජයවික්‍රම හා චාමික කරුණාරත්න ද එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?