තරඟයෙන් පසු කුසල් මාධ්‍ය අමතයි….

අවසන් T20 තරගයේදී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 69ක් ලබාගත්තා. ඒ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ද සමගින්.

එමෙන්ම ඔහු අද රැස් කළේ සිය T20 තරග දිවියේ 6 වන අර්ධ ශතකයයි.මෙම තරගයේ වීරයා සම්මානය හිමිවුයේ ද කුසල් මෙන්ඩිස්ටයි.

මේ අතර තරගාවලිය පුරාවටම තම කණ්ඩායමේ ක්‍රීඩකයන් ඉතා හොඳින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.

“තරගාවලිය පුරාවටම අපේ ක්‍රීඩකයන් හොඳට ක්‍රීඩා කළා, ලෝක කුසලානයට එනකොට අපි සූදානම් වෙනවා කියලා ප්‍රකාශයක් කළා. කුසල් මෙන්ඩිස් තරගාවලියේ පුරාම කැපී පෙනෙන ක්‍රීඩකයෙක්. නිවැරැදි ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි. අපට සහය දුන් සියලුම ශ්‍රී ලාංකිකයන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඉක්මනින්ම ලෝක කුසලානයෙන් හමුවෙමු.” යනුවෙන් ඔහු කියාසිටියා.

මේ අතර ඔස්ට්‍රේලියා නායක ඒරන් ෆින්ච් තරගය අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කළා. ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියාසිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා භයානක කණ්ඩායම බවයි. එමෙන්ම 20යි 20 තරග 5ක් අඛණ්ඩව ජය ගැනීම අසීරු කරුණක් බව ද ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

මෙම තරගයේ පවර්ප්ලේ අවස්ථාව තුල තම ක්‍රීඩකයන්ගේ දක්ෂතා ප්‍රමාණවත් නොවූ බව ද ඔහු ප්‍රකාශ කළා. කෙසේවෙතත් මෙම තරගාවලිය ඉතා අපූරු එකක් වූ බවයි ඕස්ට්‍රේලියා නායකයා කියාසිටියේ. Josh Inglis ගේ ක්‍රීඩා විලාශය අතිවිශිෂ්ට වූ අතර, ඔහුගේ ක්‍රීඩාව ජාත්‍යන්තරයට හොඳින් ගැලපෙන බව ඒරන් ෆින්ච් සඳහන් කළා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති 20යි 20 තරගාවලිය තරග 4-1ක් ලෙස ජය ගත්තේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී පැවැති 5 වැනි තරගය ජය ගැනීම සදහා ලකුණු 155ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ඉනිම අවසන් වන තුරුම කඩුල්ලේ රැදී සිටි අතර, ඔහු පන්දු 58කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 69ක්. හයේ පහරක් හා හතරේ පහර 5ක් කුසල්ගේ ඉනිමට ඇතුළත්.

චරිත් අසලංක පන්දු 9කින් ලකුණු 20ක් ලබා ගත්තා. දසුන් ශානක ලකුණු 35(31) ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය ආසන්නයටම රැගෙන ගියා.

දසුන් හා මෙන්ඩිස් අතර පස් වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 83(64)ක්.

ජයග්‍රහනය සදහා ලකුණු 7ක් අවශ්‍ය වූ අවස්ථාවේ දී දසුන් ශානක විසින් දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් තරගයේ ලකුණු සංඛ්‍යාව සම තත්ත්වයට රැගෙන ඒමට සමත් වූ නමුත්, අනතුරුව මුහුණ දුන් පන්දුවෙන් දසුන් දැවී ගියා.

පසුව පිටියට පිවිසි චාමික කරුණාරත්න පහසුවෙන් එක් ලකුණක් ලබා ගනිමින් තරගයේ ජය ශ්‍රී ලංකාවට තහවුරු කර දුන්නා.

මෙම තරගයේ දී ජාත්‍යන්තර වරම් දිනූ කමිල් මිෂාර(1) හා ජනිත් ලියනගේ(8) යන පිතිකරුවන් දෙදෙනාම අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.පන්දු යැවීමේ දී කේන් රිචර්ඩ්සන් කඩුලු 2ක් හා ඇෂ්ටන් ඒගාර් එක් කඩුල්ලක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන්  ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 154ක් රැස් කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.ඉනිම ආරම්භයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ප්‍රබල අභියෝගයක් ඔස්ට්‍රේලියාවට එල්ල වූ අතර, පළමු පන්දුවාර 6 (පවර් ප්ලේ) අවසන් වන විට ඔවුන් ලබා ගෙන තිබුණේ කඩුලු 2ක් දැවී ලකුණු 22ක් පමණයි.

ආරෝන් ෆින්ච් ලකුණු 8කටත්, බෙන් මැක්ඩර්මට් ලකුණු 3කටත් දැවී ගියා. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 29ක් හා ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 23ක් ලබා ගත්තා. මර්කස් ස්ටොයිනිස් ලකුණු 17යි.

මැතිව් වේඩ් නොදැවී ලකුණු 43(27)ක් හා ඩැනියල් සෑම්ස් ලකුණු 18(15)ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 150 සීමාව පසුකර රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ළහිරු කුමාර හා දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් දවා ගත් අතර, ප්‍රවීන් ජයවික්‍රම හා චාමික කරුණාරත්න ද එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59