තරගාවලියකට නෝර්වේ ගිය රෙස්ලිං කළමණාකරු ටීම් එකේ සල්ලිත් අරන් පනී

ශ්‍රී ලංකා මල්ලව පොර කණ්ඩායම භාර කළමනාකරු තරගාවලියක් සඳහා නෝර්වේ බලා ගිය අතරතුර පැනගොස් ඇතැයි වාර්තාවේ.

මෙලෙස පැනගොස් ඇත්තේ කළමනාකරු ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ නමැත්තෙකි. මොහු ශ්‍රී ලංකා මල්ලවපොර සංගමයේ උප සභාපති මෙන්ම ගම්පහ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ ලේකම් ලෙසද කටයුතු කරමින් සිටි අයෙකි.

ඔක්තෝම්බර් 2 සිට 10 දක්වා නෝර්වේහි ඔස්ලෝ හි පැවති ලෝක මල්ලව පොර ශූරතා තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 06 දෙනෙකු සමග මොහු පිටත්ව ගොස් තිබූ අතර තරගාවලියට පිරිස සහභාගී කරවා හිමින් සැරේ බඩුමුට්ටුද රැගෙන නවාතැන්ගෙන සිටි හෝටලයෙන් පළායාමට මෙම කළමනාකරු කටයුතු කර තිබේ.

ඔහු කිසිවෙකුට යන තැනක් දන්වා නැති අතර තරගාවලිය නිමවූ පසු ක්‍රීඩකයින්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය ලිපි ලේඛණ ප්‍රශ්න මතුවී ඇත. පීසීආර් පරීක්ෂණ සඳහා මුදල් ඔහු තබාගෙන තිබූ නිසා ඒවා නැතිව අකරතැබ්බයකට පත්ව ඇත.

එමෙන්ම වීසා සම්බන්ධ ගැටලුද මතුව ඇති අතර ක්‍රීඩකයින් දස අතේ පණිවිඩ යවා නෝර්වේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේද උදව් ලබාගෙන නැවත සියරට පැමිණ තිබේ.

කණ්ඩායම වෙනුවෙන් වැය කිරීමට ඔහුට ලබාදුන් රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මුදලක්ද ඔහු පළා යන විට රැගෙන ගොස් තිබේ.

සිය අසීරු ගැටලු නිරාකරණය පිණිස ලංකාවේ අයද උදව් කළ පසුව කළමනාකරු නොමැතිව ශ්‍රී ලංකා මල්ලව පොර කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියහ.

මීට ඉහත ඇතැම් අවස්ථාවලදීත් ලෝකයේ සමෘද්ධිමත් රටවලට ශ්‍රී ලංකා රජයේ මුදලින් සහභාගී වන ක්‍රීඩකයින් පළායාම වාර්තාවී තිබූ අතර කළමණාකරුවන් පලායාමේ සිද්ධි වාර්තාවන්නේ විරල වශයෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?