තරගය පැරදුණත් දසුන් ශානකගෙන් වාර්තාවක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේ ජය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (30) සමත් වුණා.

තරගය ආරම්භ කිරීමට ප්‍රථමව ඇතිවූ වර්ෂා තත්ත්වයත් සමඟ තරගයේ ඉනිමක් පන්දුවාර 17කට සීමා වුණා.

කෙසේ වෙතත් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 02කට පමණක් මුහුණදෙමින්, සියල්ලන් දැවීගොස් රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 133ක් පමණයි.

එංගලන්තය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ අදිල් රෂීඩ් ලකුණු 19කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුණා.

එමෙන්ම ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේ ක්‍රියාත්මක වූ සෑම් කරන් ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තා.

එම කඩුලු ත්‍රිත්වයේ ආරම්භක කඩුල්ල ලෙස දැවී ගිය දසුන් ශානක, ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවලදී වැඩිම වාර ගණනක් කඩුලු ත්‍රිත්වයේ අවස්ථාවන්ට හසු වූ පිතිකරුවා බවට පත්වෙමින් ජාත්‍යන්තර පිටියේ වෙනස් ආකාරයේ වාර්තාවක් පිහිටුවනු ලැබුවා.

ඒ අනුව ලකුණු 133ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 15ක් තුළ කඩුලු 04ක් පමණක් දැවීගොස් ලකුණු 125ක් රැස්කර ගෙන සිටිය දී නැවතත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

කෙසේ වෙතත් ඒ වන විට එංගලන්තය සඳහා ජයග්‍රහණයට අවශ්‍ය කර තිබුණේ පන්දු 12කට ලකුණු 09ක් පමණයි.

ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට එංගලන්තය එම ඉලක්කය තවත් වැඩි ලකුණු 11ක් සමගින් සපුරා ගෙන තිබුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත තරගාවලියේ එංගලන්තය පෙරමුණ ගනු ලැබුවා.

දෙවන තරගය හෙට (01) රාත්‍රී 07.00ට පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
43
+1
32
+1
156
+1
17
+1
61
+1
21
+1
39
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47