AFC Banner
Empty Ad

තම 44 හැවිරිදි අනියම් බිරිඳ සැමියා පැමිණ රැගෙන ගිය ශෝකයට 22 හැවිරිදි තරුණයා මෙලොව හැරයයි

වයස අවුරුදු 44 ක සිව් දරු මවක සමග මාස 5 ක් දීග කෑ 22 හැවිරිදි තරුණයෙකු  (24)වෙනිදා ස්වාමියා පැමිණ බිරිඳව රැගෙන යාම නිසා සිත්තැවුලට පත්ව එදින රාත‍්‍රියේම ගෙල වැලලාගෙන මියයාමේ ශෝකජනක පුවතක් කන්තලේ පොලිසියෙන් වාර්තා වේ.

සිද්ධිය සැකෙවින් මෙසේ ය.

තරුණයා මව හා පියා නොමැතිව සිය මිත්තනිය ලඟ වෙසෙන කුලී කරමින් ජීවත් වන්නෙකි. මීට කලකට පෙර හෙතෙම කුලී වැඩ සඳහා කුච්චවේලි ප‍්‍රදේශයට ගොස් ඇති අතර එහිදී මෙම 44 හැවිරිදි කාන්තාව සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇත.

කෙසේ හෝ සම්බන්ධය බොහෝ දුර දිය ගොස් ඇති අතර අවසානයේ සිව් දරු මව, සිය වැඩිමහල් දරු තිදෙනා හැරදමා වයස අවුරුදු 1 1/2 ක් පමණ වූ දරුවාද සමග තරුණයා සමග කන්තලේ නිවසට පැමිණ ඇත.

ඉන්න හිටින්නට හරි හමන් ගෙයක් දොරක් නැති අන්ත අසරණ අයුරින් ජීවත් වන තරුණයා සමග මෙම මව මාස 5 ක් පමණ එකට ජීවත්වී ඇත.

ඒත් පෙරේදා  හිටිගමන් ඇයගේ නියම ස්වාමිපුරුෂයා පැමිණ සිව්දරු මව රැගෙන ගොස් ඇත. සිද්ධියට මුහුණ දුන් තරුණයා සිත්තැවුලෙන් බොහෝ සේ කල්පනා කරමින් සිට රාත‍්‍රී 8.00 ට පමණ සිය නිවස ඉදිරිපිට ඇති කොස් ගසේ අත්තක රෙදි පටියකින් ගෙල වැලලාගෙන මිය ගොස් ඇත.

කන්තලේ මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමරනායක මහතාගේ උපදෙස් පිට විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.ඩබ්.එම්.එස්.ඒකනායක මහතාගේ නිරීක්ෂණය මත පොලිස් සැරයන්වරුන් වන ලියනගේ (26959) ජයසිංහ (61586) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?